challenge ⛓️(12)

2.3K 508 165
                                    

-After one month-

ටේහියුන්ග් හා ජන්කුක් දෙදෙනා එදා අනාථ නිවාසේ ගමනින් පස්සේ නිවාඩුවක් ලැබුන හැම දවසකම වගේ වරද්දන්නේ නැතුව අනාථ නිවාසේ ඉන්න පුංචි මල් කැකුළු ටික බලන්න ගියා.....

පුංචි ටේහියුන්ග් උනාත් දැන් ජන්කුක් එක්ක හරි එකතුයි....ජන්කුක්ට ඒ අනාථ නිවාසේ පුංචි කෙල්ලොන්ගේ නම් තිබ්බේ ලොකු ඉල්ලුමක්....වෙනදාට sweets ජාති සෙල්ලම් බඩුවලට අමතරව ජන්කුක් වෙනමම ගැහැනු ලමයින්ට පොඩි කොන්ඩ කටු , කරාබු වගේ එව්වාත් ගෙනියන්න ගත්තා....

ඔය හැමදේකින්ම උනේ ටේහියුන්ග්ගේ හිත තව තවත් සතුටින් පිරිලා ගිය එකයි....එයා ඇත්තටම ආඩම්බර උනා ජන්කුක් වගේ හොඳ කෙනෙක් එක්ක එයා යාලු උන එකට....ටේහියුන්ග්ට හැමදාමත් ඕන කරලා තිබ්බේ ගෙදර වැඩපොල ගැන දන්න පිලිවෙලට ඉන්න කැමති වගේම විශේෂම දේ පුංචි බබාලාට ආදරේ කරන ගැහැනු ලමෙක්ව....ජන්කුක් ගාව ඔය කිව්ව දේවල් වලටත් වඩා වැඩි දේවල් තිබ්බ නිසා ටේහියුන්ග් ඇත්තටම එයා ජන්කුක්ට ආදරේයි කියලා ගත්ත තීරණේ ගැන සතුටු උනා....

එතකොට යුන්මින් දෙන්නා ගැන කිව්වොත් එයාලාත් හැන් ගඟ ලඟ එයාලාගේ ආදරේ ප්‍රකාශ කර ගත්ත දවසේ ඉදන් වෙනදා වගේම date වලට ගියා....

ටික දවසක් ගියාම යුන්ගි දැන ගත්තා ජිමින් කියන්නේ සමාන්‍ය පවුලක කොල්ලෙක් කියලා...යුන්ගි company එකේ ඉහල නිල තලයක් දරන නිසා එයාට සල්ලි වලින් අඩුවක් නොවුනාත් එයා ජිමින්ගේ හරි තත්වේ දැන ගෙනත් අත් නොහැර හිටියේ එයා ඒ හැමදේකටම වඩා ජිමින්ට ආදරේ කරපු නිසා....

කොහොමින් කොහොම හරි වැඩි කල් නොයාම ටේහියුන්ග්නුත් ජිමින් කියන්නේ කවුද කියලා දැන ගත්තා...කලින් ජන්කුක් ජිමින්ව අශ්‍රය කරනවාට එච්චර කැමැත්තක් ටේහියුන්ග් නොදැක්කුවත් ජිමින් යුන්ගිගේ බොයිෆ්‍රෙන් වගේම ජන්කුක් කියලා තියනවා වගේ ජිමින් කියන්නේ හුරතල් පිරිමි ලමෙක් උන එකෙන් ටේහියුන්ග්ගේ හිතේ ජිමින් ගැන තිබ්බ සැක සේරම ඉබේම නැති වෙලා ගියා.....

එදා office දවසක්...,

ටේහියුන්ග් , යුන්ගි වගේම ජන්කුක් තුන් දෙනාම කැබින් එකේ හිටියේ රෑට ජිමින්වත් එකතු කරන් dinner එකට කොහි හරි කෑමකට යන්න plan කරන ගමන්.........

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now