Solution 📝(33)

3.4K 616 139
                                    

MORNING 🌄

පහුවෙනිදා ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක නැඟිට්ට ටේහියුන්ග් එහෙමම හෙඩ් බෝර්ඩ් එකට හේත්තු උනා.....

ඇඟෙ ඇලිමැලි කඩන ගමන් හිමින් ඇස් පිහිදමින් ටේහියුන්ග් එයාගේ බොඳ උන ඇස් ආයේ යථාතත්වයට පත් කර ගන්න උත්සාහ ගනිද්දි හදිසියේම කලබලෙන් වට පිට බැලුවේ එයා දැන් ඉන්නේ එයාගේ පුරුදු කාමරේ නොවුන නිසා.....

🐯: මං momගේ ගෙදරට කොහොමද ආව්- බුවෑක් ...

තමන්ටම එහෙම මුමුනපු ටේහියුන්ග් කතාව මැදම කටින් අත වහ ගත්තේ ටික ටික බඩ කැලැත්තෙන ගමන් ඔක්කාරේට වගේ ආව නිසා...

එහෙමම ඇඳෙන් බිමට පැන්න ටේහියුන්ග් වේගෙන් Bathroom එකට දුවගෙන ගිහින් toilet seat එක ලඟ දණ ගහගෙන කලින් දවසේ බෝතල් හයක බීම සේරම වමනේ කරන්න ගත්තා....

වමනේ දාන දාන සැරේට පපුවේ ඉදන් වේදනාවක් උගුරට වෙනකන් ඇදෙද්දි ටේහියුන්ග්ගේ ඇස් වලින් පවා කඳුලු බිංදු කිහිපයක් ගලාගෙන ගියේ ඒ දැනුන වේදනාවට........

තමන්ගේම එක අතකින් පපුව ටේහියුන්ග් හිමින් අත ගා ගනිද්දි ටේහියුන්ග්ට මතක් උනේ මීට මාස ගානකට විතර ඉස්සෙල්ලා මේ වගේම වේලාවක ජන්කුකුත් කිසිම අප්පිරියාවක් නැතුව ටේහියුන්ග් ලඟ දණ ගහගෙන පිටයි පපුවයි පිරි මැද්ද විදිහ.....

එදා ජන්කුක් තමන්ට අසනීප උන වේලාවක තමන් ලඟ ඉදගෙන පපුවෙන් දැනෙන වේදනාව මග හරින්න හිමින් සීරූවේ ඒ පපුව උඩ අත ගෙනිච්ච විදිහ ටේහියුන්ග්ට මතක් උන මතක් උන සැරේට ඇස් වලින් වැටෙන කඳුලුද එන්න එන්නම තවත් වැඩි උනා.......

සම්පුර්ණ විනාඩි පහලවක් විතර ටේහියුන්ග් එකම තැන දන ගහගෙන කලින් දවසේ බීපූ සේරම වමනේ කරලා අවසානේ එතනම බිම ටිකක් වාඩි උනේ එයාට ඇත්තටම ඇඟට මහන්සි ගතියක් වගේම තෙහෙට්ටු ගතියක් දැනුන නිසා.....

මුහුන පුරාම දාඩිය බිංදු බිංදු බිමට කඩා හැලෙද්දි ඒකටම ටේහියුන්ග්ගේ කඳුලු බිංදුද එකතු වෙලා තිබ්බා.......

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now