Imagination 🌬️(37)

4.4K 679 312
                                    


කලින් මැරි කරපු කෙනෙක් උන ජන්කුක් දැනගෙන හිටියා විවාහ පොරොන්දු දෙන්නේ කොයි වේලාවේද කියලා....

ෆාදර්ගේ කතාව අවසන් උන හැටියේ ඊලඟට පටන් ගන්නේ දෙන්නාගේ පොරොන්දු දීම් කියලා දන්න ජන්කුක්ට තවත් ටේහියුන්ග් දිහා බලාගෙන ඉන්න තරම් ශක්තියක් ඇත්තටම තිබුනේ නැහැ.....

තමන්ගේ වේදනා දෙන පපුව මීරා අත ගගා ඉද්දි ජන්කුක් ඒ අත අයින් කරලා...

🐰: මං ටිකක් තනියම ඉදලා එන්නම්...

කියලා පුටුවෙන් නැඟිටලා එලියට දුවගෙන ගියේ තවත් ඉවසන්න බැරි උන නිසා.....

ටේහියුන්ග් පොරොන්දු දීම ලං වෙනකන්ම කිසිම අකමැත්තක් ප්‍රකාශ කරලා ෆාදර්ට කිසිවක් නොකිව්ව නිසා ජන්කුක්ට තේරුම් ගියේ එක දෙයයි ඒ ටේහියුන්ග් කොච්චරවත් ඇඬුවත් එයාත් මේ වෙඩින් එකට ඉන්නේ කැමැත්තෙන් කියන එක විතරයි.........

පල්ලියේන් එලියට පපුව අල්ලන් දුවගෙන ආව ජන්කුක් පල්ලියේ කෙලවරක වගේ වවලා තිබ්බ විශාල ගහක් ලඟට දුවගෙන ගිහින් එතනම දණින් වැටෙන ගමන් කෑගහලා අඬන්න ගත්තේ මෙච්චර දවසක් දරාගෙන හිටිය වේදනාව පිට කරලා.....

ෆාදර් හරියටම මොනාද කියන්නේ කියලා ඇහුනේ නැති උනාත් මයික් එකෙන් ෆාදර් තාමාත් කතා කරන හඬ ඇහුන එකෙන් ජන්කුක් දැන ගත්තා දිගටම එතන වෙඩින් එකේ වැඩේ කෙරිගෙන යනවා කියලා......

🐰: මට සමාවෙන්න මගේ ටේ....මට සමාවෙන්න....මං අඬන්න හිතුවේ නැහැ.....එත් මට තවත් ඉවසගෙන ඉන්න පණක් නැහැ රත්තරං...උත්සාහ ගත්තා හුඟාක් උත්සාහ ගත්තා මගේ බොරු හිනාව ඔයාගේ වෙඩින් එක ඉවර වෙනකන් තියා ගන්න......එත් මං දුර්වලයි මගේ ටේ....මට තව ඉවසන්න බැහැ.....ඔව් මං ඔයාට බොරු කිව්වේ...මං සතුටින් නෙමෙයි ඉන්නේ...මට ඔයාගේ හිනාව විතරක් බලලා සතුටු වෙන්න බැහැ මගේ ටේ...මට බැහැ.....ඔයා වෙන කෙනෙක්ගේ වෙනවා බලලා මට සතුටු වෙන්න බැහැ....මේ හිත ඒ තරම් ශක්තිමත් නැහැ මගේ හියුන්ගී....මේ බොරු හිනාව අස්සේ තියෙන වේදනාව මට හුඟාක් රිද්දනවා....ඒ වේදනාව මට දරා ගන්න අමාරු වෙන තරමටම මාව රිද්දනවා.....ඔයා මගේ ලඟ නැති ජිවීතයෙන් මට සතුටක් නැහැ මැණික...ඔයාගේ උණුහුම , ආදරණීය කතා , මෘදු හාදු නැතුව මට තවත් ජීවත් වෙන්න බැහැ...මං මං කොහොමද මගේ ටේහියුන්ග්ගේ උණුහුමට වෙන කෙනෙක් තුරුලු වෙලා ඉන්නවා බලන් ඉන්නේ.....මට තවත් පරාර්ථකාමි වෙන්න බැහැ මගේ හියුන්ගී...තවත් බැහැ.......මං මගේ ආදරේට ලෝබයි....මං ආදරේට කෑදරයි....ඔව් මම ආත්මාර්ථකාමී......මං දැන් මොකද කරන්නේ....ඔයාව දැන් මට පොඩ්ඩක්වත් අයිති නැහැ නේද මගේ රත්තරං........මං මැරෙන්නද ? මට දැන් ඔයාව අමතක කරන්න තියෙන එකම විසඳුම ඒක විතරයි...එත් අපේ දරුවා.... මගේ පුංචි ටේහියුන්ග් ? එතකොට එයා තනිවෙයි....කාත් කවුරුත් නැතිව එයා තනි වෙයි....මං දැන් මොකද කරන්නේ.....?

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now