Wedding invitation 📮(36)

3.7K 651 281
                                    


පුංචි ටේහියුන්ග්ව බලලා ආපු දවසින් පස්සෙ තවත් සති තුනක කාලයක් ගෙවිලා ගියා.....

මේ වෙනකොට ටේහියුන්ග්ගේත් ජෙනීගෙත් වෙඩින් එකෙ වැඩ කටයුතු ගොඩාක් දුරට ඉවර වෙලා තිබ්බා....

තවත් සතියකින් ටේහියුන්ග් අලුත් ජිවිතයක් අලුත් සහකාරියක් එක්ක පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ....

නමුත් ටේහියුන්ග් මේ වෙඩින් එක ගැන සතුටින් ද ? 🤷

තමන්ගේ දෙමාපියන්ට අකමැත්තෙන්ම කීකරු වෙන්න උන ටේහියුන්ග්ට වෙනින් යමක් කරන්න ඇත්තටම තිබුනේ නැහැ......

හැමදාම පුංචි ටේහියුන්ග්ව වගේම ජන්කුක්ව මතක් උන ටේහියුන්ග් ගෙවෙන තප්පරයක් තප්පරයක් ගානේ මැරි මැරි ඉපදුනා.....

එයාලාගේ හුරතල් කතා..., දෙන්නාටම තියෙන බෝල ඇස් , හා දත් තියෙන හුරතල් හිනාව....මේ හැමදේම ටේහියුන්ග්ට හුඟාක් හුඟාක් මතක් උනා.....

ටේහියුන්ග්ගේ මනස එන්න එන්නම දුර්වල වෙද්දි එයාට ආතතිය කියන දේද දරුණවටම බලපාන්න ගත්තා.....

මේ හැමදේම මේ විදිහට ගෙවිලා යද්දි එදා ටේහියුන්ග්ව හොයාගෙන එයාගේ mansion එකට ආවේ ටේහියුන්ග්ගේ දෙමාපියෝ දෙන්නායි......

🐯: මට බැහැ...!!!!

👨: ටේහියුන්ග් කට වහගෙන කියන දේ කරනවා....

🐯: කිව්වාම සැරයක් අහන්න මට ඒක කරන්න බැහැ......ඇයි මට මේ තරම් වද දෙන්නේ....මං ඔයාලා කියන දේ අහගෙන මේ වෙඩින් එකට කැමති උන එකම මදි ද ?ඇයි තවත් මාව මේ විදිහට අසරණ කරන්නේ....

👩: ටේහියුන්ග් ඩැඩ් කියන්නේ වරදක් නෙමෙයි....ඒ කපටියා දැන ගන්න ඕන තමුන්ට එයා නැති උනා කියලා කිසිම ගානක් නැහැ කියලා....

🐯: මාව මරලා දැම්මා නම් මීට වඩා හොඳයි ඔයාලා....ඔයාලගේ කීමට මං ජන්කුක් එක්ක ඩිවොස් උනා...ඔයාලාගේ කීමට මං ජිවීතේට දැකලවත් නැති කෙල්ලෙක්ව මැරි කරන්න කැමති උනා...දැන් මං මගේ වෙඩින් invitation එක ගිහින් ජන්කුක්ට දෙන්නත් ඕනද අහ්...? ඇයි මට මෙහෙම කරන්නේ....

👨: ටේහියුන්ග් අපේ ඩීල් එක අමතක කරන්න එපා...

🐯: ඩීල් එකේ මෙහෙම දෙයක් තිබ්බේ නැහැ ඩැඩ්.....අනික අනික ඇයි ඔයාලා මේ තරම් නපුරු මිනිස්සු වෙන්නේ...දැන් අපෙත් ජන්කුක්ගේ පවුල අතරත් කිසිම සම්බන්ධකමක් නැත්තම් ඇයි තවත් මේ යට ගිය ප්‍රශ්න අවුස්ස අවුස්ස එලියට ගන්නේ....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now