change 🌀(21)

3.3K 553 240
                                    


තවත් සති දෙකක කාලයක් ඔය විදිහට ගෙවිලා ගියා....

දවස් දෙක තුනක් යනකන් යුන්ගි එක්කද සම්පුර්ණ සම්බන්ධකම් නවත්තලා තිබ්බ ටේහියුන්ග් අවසානේ එයාට සමාව දුන්නේ යුන්ගි ජන්කුක්ගේ රැවටීම් වලට වැරදි නැහැයි කියලා හිතලා....

හැමදාම උදේට ජන්කුක් ආසාවෙන් හදලා දෙන කිසිම කෑමක් කටේ තියන්නේ නැති ටේහියුන්ග් ජන්කුක් දිහා එක මොහොතක්වත් නොබලා රස්සාවට යන්නේ ජන්කුක්ගේ හිත හැම දවසකම වගේ දුකින් පුරවලා.....

ටේහියුන්ග් ගෙදරදි කෑම කන්න අකමැති ඇති කියලා හිතුව ජන්කුක් ටේහියුන්ග්ගේ කෑම පංගුව පෙට්ටියකට දාලා යුන්ගිගේ අතේ යවන්න පුරුදු උනේ හැම හවසකම යුන්ගි ආයේමත් හිස් කෑම පෙට්ටිය ජන්කුක්ගේ අතට ගෙනත් දෙන නිසා....

තමන්ගේ කෑම ඔක්කොම ටේහියුන්ග් company එකේදි හරි කන එක ගැන ජන්කුක්ට ඇති උනේ ලොකු සතුටක්...

නමුත් යුන්ගි විතරයි දන්නේ ටේහියුන්ග් හැමදාම ජන්කුක් ඔතලා එවන කෑම ටික යුන්ගිගේ ඇස් ඉස්සරහම කුණු බක්කියට විසි කරනවා කියලා....

එදාත් ජන්කුක් මුලු ගෙදරම තනියම සුද්ද කරලා ටේහියුන්ග්ට රෑට කන්නත් හදලා බලන් හිටියේ ටේහියුන්ග් ගෙදර එනකන්....

යුන්ගි නම් හවස පහට වගේ ඇවිත් ටේහියුන්ග් කෑම ඔක්කොම කෑවා කියලා පෙට්ටිය ජන්කුක්ගේ අතේ ගුලි කරලා ඉක්මනින්ම යන්න ගියේ ජිමින්ව මුන ගැහෙන්නත් යන්න තිබ්බ නිසා....

රාත්‍රී හතත් උනා තවමත් ටේහියුන්ග් පේන මානේක නැහැ.....

සැරෙන් සැරේ ඔරලොසුව බැලුව ජන්කුක්ගේ හිතත් ටිකක් කලබල උනේ ටේහියුන්ග් වෙනදාට මේ වේලාවට ගෙදර ඇවිත් ඉන්න නිසා.....

ඉක්මනින් ෆෝන් එක අරන් ජන්කුක් ටේහියුන්ග්ට කතා කරන්න උත්සාහ ගත්තාත් වැඩක් උනේ නැත්තේ ටේහියුන්ග් එයාගේ ෆෝන් එකත් ඔෆ් කරගෙන තිබ්බ නිසා.....

" ටේ අනේ ඉක්මනින් එන්නකෝ..."

රාත්‍රී දහය උනාත් ටේහියුන්ග් තවමත් ගෙදර ආවේ නැහැ....

මුහුන පුරාම දාඩිය බේරීගෙන යද්දි ජන්කුක් සෝෆා එකෙන් නැඟිටලා mansion එකෙන් ටිකක් ඈතට වෙන්න තියෙන ගේට් එක ලඟට ගියේ ටේහියුන්ග් එනකන් මඟ බලාගෙන ඉන්නයි.....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now