Angry tae 😡(18)

2.9K 523 328
                                    

එදා දවසේ ජන්කුක්ගේ වගේම ටේහියුන්ග්ගේත් තත්වේ එකා හා සමානයි.......

දෙන්නාම දෙපැත්තකට වෙලා බිඳුන හදවත් එක්ක අඬපු එක විතරයි කරේ.....

එහෙන් මෙහෙන් හිටිය සේවකයොන්ගෙන් ජන්කුක් ටේහියුන්ග් අතර උන රණ්ඩුව දැන ගත්ත යුන්ගි දඩිබිඩියේ පහලට ඇවිත් company එකෙන් එලියට එද්දි දැක්කේ ගිනි ගහන කාෂ්ටක පොලොවේ දන ගහගෙන තාමාත් අඬන ටේහියුන්ග්වයි....

ඉක්මනින් ටේහියුන්ග් ලඟට ගිය යුන්ගි ටේහියුන්ග්ගේ ඉස්සරහම දණ ගහගෙන තමන්ගේ උරහිස ටේහියුන්ග්ට අඬන්න දුන්නේ මේ මොහොතේ ටේහියුන්ග්ට ඒ වගේ දෙයක් අත්‍යවශ්‍ය නිසා......

කොහොම හරි ඊට ටික වේලාවකින් යුන්ගිට වාරු වේලාම කැබින් එකට ආපු ටේහියුන්ග් ආයේමත් යුන්ගිව බදාගෙන පැය ගානක් එක දිගට ඇඬුවේ හිතට දැනුන කියා ගන්න බැරි වේදනාවට....

පැය ගානකට විතර පස්සේ ටික ටික ටේහියුන්ග් සංසුන් වෙද්දි යුන්ගි ටේහියුන්ග්ට ගෙදර යන්න මං මේ ඔක්කොම බලා ගන්නම් කියලා කිව්වේ ටේහියුන්ග් දැන් ඉන්න මානසිකත්වයත් එක්ක එයාට වැඩ කර ගන්න බැරි නිසා....

ඒ අවසරේත් එක්ක තමන්ගේ ගෙදර යන්න ලෑස්ති උන ටේහියුන්ග් තමන්ගෙ mansion එකට යන අතර මඟත් , mansion එකට ආවාමත් , කොටින්ම කිව්වොත් wash දාන වේලාවෙත් කරේ ජන්කුක්ව contact කර ගන්න උත්සාහ ගත්ත එක....

තමන්ව ජන්කුක් block කරලා ඇති බව ටේහියුන්ග් දැනගෙන හිටියාත් එයා පිස්සුවෙන් වගේ දිගටම ජන්කුක්ට කොල් කරා....

🐯: අහ්හ්හ්හ්හ්හ් Fuck.....!!!!!

එකම ෆෝන් රෙකෝඩ් එක අහලා අහලා තිත්ත උන ටේහියුන්ග් අතේ තිබ්බ ෆෝන් එක ලඟ තිබ්බ බිත්තියට දමලා ගැහුව්වේ දරා ගන්න බැරි උන කේන්තියට....

එත් ටිකකින් ඒ තමන්ගේ ෆෝන් එක නේද කියලා මතක් උන ටේහියුන්ග් ශවර් එක යටින් නිරුවතින්ම ඇවිත් ෆෝන් එක අහුලලා වැඩද කියලා බැලුවේ අලුත් ෆෝන් එකක් ගන්න සල්ලි නැති නිසා නම් නෙමෙයි.....වැදගත් කියන නම්බර්ස් ඔක්කොම ඒ ෆෝන් එකෙයි තිබ්බේ නිසා....

රෑට පුරුද්දට අඳින පොඩි ශෝර්ට් එකත් ඇදගෙන ටේහියුන්ග් ඇඳට ආවේ ආයේ පාරක් ජන්කුක්ට කෝල් කරන්න try කරන්නයි....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now