Hospital 🏥(30)

4.2K 666 131
                                    

වත්ත සුද්ද කර කර හිටිය ජන්කුක් දිහා ටේහියුන්ග් බලන් හිටියේ අවට වෙන හැමදේම අමතක කරලා......

පටන් ගන්න හැමදේම ඒ විදිහටම ඉවරයක් කරලා තවත් අඩුපාඩු මොනාද තියෙන්නේ කියලා හොයලා බලපු ජන්කුක්ගේ ඇස් අවසානේ විශාල පෝච්චියක් ලඟ නවතින බවත් ඒ පෝච්චිය දිහා ටික වේලාවක් බලන් ඉදලා ජන්කුක් ඒ පැත්තට යන බවත් දැක්ක ටේහියුන්ග් ජන්කුක් දත් මිටි කාගේන පෝච්චිය උස්සන්න වෙර දරන විදිහ දැක්කලා සද්දෙන් හිනා උනේ ඇත්තටම හිතලා නම් නෙමෙයි.........

අත් දෙකත් හොල්ල හොල්ල පිඹ පිඹ ඉන්න ජන්කුක්ව ටේහියුන්ග්ට තවත් interesting වෙද්දි ටේහියුන්ග් ඕනකමින්ම තවත් ජන්කුක්ට අවදානේ දුන්නා.....

ආයේම දෙවනි පාරත් පෝච්චියේ දාරේ ලඟට පහත් උන ජන්කුක් දෙවනි පාරත් ඒක උස්සන්න try කරද්දි එයාගේ ඒ උත්සාහයේ සාර්ථකත්වය විදිහට පෝච්චිය යාන්තම් උඩට ඉස්සුනාත් ජන්කුක්ට ඒක උස්සගෙන ඉන්න පුලුවන් උනේ හරිම ටික වේලාවක් විතරයි.....

ටක් ⌛️....

ටක් ⌛️....

ටක්⌛️....

නිහඬ පරිසරය පුරා මොහොතකට ටේහියුන්ග්ට සද්දෙකට කියලා ඇහුනේ කාමරේ බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලොසුවේ සද්දේ විතරයි.....

තප්පර තුනක්..හරියටම තප්පර තුනක් ගත වෙද්දි ජන්කුක්ගේ අතින් පොච්චිය බිම වැටෙනවත් එක්කම පොච්චියට කලින් ඉස්සර උන ජන්කුක් අනිත් පැත්තටම ඇඟම අඩ පණ වෙලා වගේ තණකොළ ගොඩ උඩම ඇඳගෙන වැටුනා.....

ඔය අතරතුර හැමදේම දිහා බලන් හිටිය ටේහියුන්ග්ගේ අතින් තේ කොප්පේ ඉබේම අත ඇරෙද්දි ටේහියුන්ග්ට වචනයකට කියලා කියන්න පුලුවන් උනේ ජන්කුක්ගේ නම විතරයි....

🐯: ජන්කුක්.........!!!!!!!

වේගේන් ගැහෙන හදවතත් , පුදුමෙන් විශාල කර ගත්ත ඇස් දෙකත් එක්ක තව විනාඩියක්වත් පරක්කු නොකරපු ටේහියුන්ග් වේගෙන් කාමරේන් එලියට දුවගෙන ගියේ garden එකට යන්නයි.....

පඩිපෙලත් වේගෙන් වේගෙන් බැහැගෙන එමින් අවසන් පඩි පහ, හය වගේ වෙද්දි එතන ඉදලා කෙලින්ම බිමට පැන්න ටේහියුන්ග්ගේ කකුල තරමක් වේදනා දුන්නාත් එයා ඒක ගැනවත් නොහිතා කෙලින්ම දිව්වේ එලියට....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now