Truth revealed 🤡 (14)

2.5K 516 104
                                    

හැමදේම හොඳින් සිද්ද උනා.....

යුන්ගි උනාත් කිසිම වෙනසක් නොපෙන්වා වෙනදා වගේම ජන්කුක් එක්ක සුහඳව වැඩ කරා....

ඔය අතර ජන්කුක්ගේ ගෙදර අයටත් තවමත් ජන්ග්කුකී කියන්නේ රහසක් උනා.....

නමුත් අපි කාගේ කනෙන් රිංගලා මොන දේ කරත් දෙමාපියන්ට හොරා වැඩක් කරා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම කවදාම හරි අහු වෙනවා නේ.....

ඔය දේ ජන්කුක්ටත් උනා කිව්වොත් විශ්වාස කරනවා ද?

ජන්කුක් කියන්නේ සමාන්‍යයෙන් පිලිවෙලට ඉන්න කරන කොල්ලෙක් උනත් සතිය පුරාම company එකේ උදේ හවා වැඩ වලටත් සති අන්තයේ පුංචි ටේහියුන්ග්ව බලන්න ලමා නිවාසේටත් යන ජන්කුක්ට එයාගේ කාමරේ දැන් සති ගානක ඉදලා සුද්ද කරන්න බැරි උනේ ඔය වැඩ රාජකාරි වලට හිර වෙලා හිටිය නිසායි.....

නමුත් ගෙදර හැම දේම clean එකට තියෙනවා දකින්න කැමති උන mrs.jeon ජන්කුක්ගේ ඔම්මා විදිහට ජන්කුක්ගේ කාමරේ ඇතුලට ගියේ ජන්කුක්ගේ room එක වගේම bathroom එකත් සුද්ද කරන්නයි.....

කොස්සත් තව පිරිසිදු කරන්න උවමනා දේවල් කිහිපයකුත් එක්ක ජන්කුක්ගේ කාමරේ ඉස්සරහ හිට ගත්ත mrs.jeon දොර ඇරියත් කාමරේන් ආපු පුස් ගඳ නිසා mrs.jeon තමන්ගේ අතක් නහය ඉස්සරහ වනන්න ගත්තේ ඒ ආපු ගඳ දරා ගන්න බැරුව.....

👸: මේ කොල්ලා කුණු කාණුවක බැහැලා එනවා ද මන්දා..මොනාද මේ එන පල් ගඳ.....

තමන්ගේ නහය ඇඟිලි දෙකකින් වහ ගත්ත mrs.jeon කාමරේට යන්න පලවෙනි පියවර තිබ්බා....

අද ජන්කුක්ගේ දෛවය එයාගේ බොරුව අහු කරන්න ඕනකමටමද මන්දා ජන්කුක්ට කවදාවත් නැතුව වෙනදාට ලොක් කරලා යන දොර එදා ලොක් කරන්නත් අමතක වෙලා......

👸: අනේ මගේ කොල්ලා කොයි තරම් හොඳද..මං අදයි දන්නේ එයා මකුළුවන්ටත් නවාතැන් දෙනවා කියලා...

කාමරේ කොනේ බැදිලා තිබ්බ මකුලු දැල් කිහිපය දැක්ක mrs.jeon තමන්ටම මුමුනන ගමන් මුලින්ම සුද්ද කරන්න ලෑස්ති උනේ කාමරේ හරිය......

උදේ ජන්කුක් නිදා ගත්ත ඇද පවා හදන ගමන් ජන්කුක්ගේ ලැප් එකත් අනිත් බඩු ටිකත් පිලිවෙලට තියෙන ගමන් mrs.jeon මුලු කාමරේම අලුතින් ගත්තා වගේ clean කරේ ජන්කුක් ඒක දැකලා ඇත්තටම සතුටු වෙයි කියලා හිතලා.....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now