Wedding day..👰(19)

2.6K 514 165
                                    

ටේහියුන්ග් කිව්වා වගේම එදාම හවස white and gold mix ලොකු wedding frock එකත් එක්ක ඒකටම ගැලපෙන්න jewellery සහ heels වර්ග කිහිපයක් ද ජන්කුක්ට ලැබුනා....

" තව සතියකින් මගේ වෙඩින් එක?"

තමන්ගේ ඉස්සරහ තියෙන වෙඩින් frock එක දිහා බලලා එහෙම මුමුනපු ජන්කුක්ට තවමත් එය සිහිනයක්.....

ඇත්ත, එයා කොහොමද විශ්වාස කරන්නේ තව සතියකින් එයා විවාහ වෙනවා කියලා....

උදේ වරුවේ ටේහියුන්ග් ඇවිත් සතියකින් වෙඩින් එකට ලෑස්ති වෙන්න කියලා එදාම හවස වෙඩින් frock එකත් හම්බෙද්දි ජන්කුක්ට පුලුවන් උනේ ඒ හැමදේම දිහා පුදුමෙන් බලන් ඉන්න විතරයි....

කිහිප වතාවක්ම තමන්ගේ අත පවා කොනිත්තමින් මේ දකින හීනෙන් නැඟිටින්න ජන්කුක් උත්සාහ ගත්තාත් ඒ හැම වේලාවෙම වෙඩින් frock එක තමන්ගේ ඉස්සරහ දිලිසි දිලිසි තියෙනවා දැක්ක ජන්කුක් අවසානේ හිත හදාගෙන තමන්ගේ ඉස්සරහ තියෙන ඇත්ත පිලි ගත්තා.....

🐰: ඔව් මං ඊලඟ සතියේ බඳිනවා....

(AFTER ONE WEEK)

එදා කොරියාව තුල ඉතාමත් ප්‍රසිද්ධ ව්‍යාපරිකයෙක් උන KIM COMPANY එකේ කඩවසම් CEO එහෙමත් නැති නම් කිම් ටේහියුන්ග්ගේ විවාහ උත්සවේයි....

රට තුල ඉන්න හුඟාක් ව්‍යාපරිකයාන්ගේ දූවරු , මැදි වයස් වල පසු වන සල්ලිකාර ගැණුන්ව හඬවමින් මුලු රට තුලම එදා උණු කැවුම් වගේ රාවේ ගියේ මේ ටේහියුන්ග්ගේ හදිසි විවාහය ගැනයි....

හැම සල්ලිකාර කෙල්ලෙක්ගේ අතරින් අවසානේ මධ්‍යම පංතියේ පවුලකින් එන තමන්ගේ secretary විදිහට වැඩට ආව ගැහැණු ලමයාව ටේහියුන්ග් ජීවන සහකාරිය විදිහට තෝර ගත්තා කියද්දි ටේහියුන්ග් ගැන දහසකුත් බලාපොරොත්තු තියන් හීන මවමින් සිටි හුඟාක් කෙල්ලන් ජන්කුක්ට හිතින් දසදාහස් වාරයක් ශාප නොකර හිටියා කිව්වොත් ඒක බොරුවක්....

ටේහියුන්ග් අන්තිමට ජන්කුක්ව දැක්කේ මීට සතියකට උඩදි..ජන්කුක් උනත් එහෙමයි.... නමුත් එයාලා හැම නිතරම වගේ දුරකතන සංවාදයේ යෙදිමින් එකිනෙකාගේ දවස ගෙවුන හැටි බෙදා ගත්තා....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now