PART 04

566 114 41
                                    

මැච් එක ඉවර උනාට පස්සේ ජේකේ කෙලින් ම ගියේ සැන්ඩිගෙ කැෆේ එකට. ෆ්‍රිජ් එකෙන් කෝක් එකක් අරන් බොන ගමන් ජේකේ එතන තිබුනු පුටුවකින්  වාඩි උනා.

" වොහ්... හො... හො.... ජේකේ...... මොකො... මේ පළවෙනි දවසෙම.. කැරට් අලේ මිස් උන හා නාම්බෙක් වගේ මූණ පුම්බගෙන... "

" අනේ.... නුනා... ⁣මට එහෙම දෙයක් නෑ.... ඉක්මනින් මට ලන්ච් එකට මොනවා හරි දෙන්න... "


" මේ... කොල්ලා... බලන්නකො... දැන් මෙතන අපි ඔයා කියන කියන විදියට ලන්ච් දෙන්න.. රෙඩි වෙලා ඉන්න ඕනේද... නැද්ද.... ඒමී..... "



සැන්ඩි එහෙම කියද්දි ඒමී එතනට ඇවිත් අලුත් ඕඩර් එකක් කැශියර් එකෙන් කිබ්බා.


" ජේකේ.. ඔප්පා.. ඔයා හොදට ප්ලේ.. කරා.. අද... "


" ආාාහ්.. ඔයත් දැක්ක ද.. ? "



" ඔව්.. මං ඔයා වින් කරපු මැච් එක බැලුවා.. අනික හැමෝම ඔයා ගැන තමා කතා කරන්නේ... "


" හැමෝම කිව්වේ... ? "


" ඒ වෙලාවේ මැච් එක බලපු ගෑනු ළමයි වගේම පිරිමි ළමයි ඔක්කොමත් ඔප්පා ගැන තමා කතා වෙන්නේ.. "


" අහ්මමම්.... "



ඒමිගේ වචනවලින් ජේකේගේ හිතේ තිබ්බ පුංචිම පසුතැවීමත් මොහොතකට එයාට අමතක උනා. ජේකේට මතක් උනා මැච් එක ඒ දෙන්නම ඩ්‍රෝ උනා මිසක් ⁣කවුරැත් දින්නේ නැ කියලා.  එයාට තේරැනා එයා මේ කොහෙත්වත් ඉන්න කෙල්ලක් නිසා හිතට වද දෙන්න හොඳ නැ කියලා. ඒ නිසා එයා හිතනෙක නැවැත්තුවා.

හැබැයි ඉතින් ඒක කොච්චර කාලෙකටද කියලා කියන්න නම් දන්නැ. සමහර දේවල් කොච්චර වතුර යටකට බස්සන්න හැදුවත් ඒවා ආයමත් ටික වේලාවකින් උඩට එනවා නේ.

සැන්ඩි ජේකේ හිටපු ටේබල් එක උඩින් ගෙනත් තිබ්බ කෑම ප්ලේට්ස්වලට ජේකේ එයාගේ සම්පුර්ණ අවධානයම දුන්නා.

" මේ මොනා ද නුනා...... ? "

" ආාා...... ඔය අලුත් ඩිශ් එක... Chargrilled Oyster Pasta.. "


"මොහ්...... "


" පැස්ටා... ⁣බටර්.. ගාලික් ඇන්ඩ් ලෙමන්ඩ්.. පුච්චපු බෙල්ලො එක්ක මික්ස් කරලා අලුත් ෆ්ලෙවර් එකකට හදපු ඩිශ් එකක් ඕක..... "



GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now