PART 13

380 98 57
                                    

ජොන්කුක් හිටියේ ජින්ගේ ගෙදර තිබුන ලොකු මේරැන් කලර් සුවපහසු සෝෆාවට වැටිලා. ගෙදර ඇතුලේ ඉන්න ඕන කෙනෙක්ට ඇහෙන විදියට ප්ලේ වෙමින් තිබුනේ Charlie Puth ගේ සිංදු කිහිපයක්. 


We don't talk anymore
.
Like we used to do
.
We don't love anymore
.
What was all of it for.....?

නින්දත් නොනිදත් අතර හිටිය ජොන්කුක්ගේ කටින් ඒ වචන පේළි ටික නිකම්ම කියවුනා.

එයා එහෙම්ම සෝෆාවේ ඉදගත්තේ ඔලුවත් කසන ගමන්මයි. එයාගේ ඇස්වල නිදිමත බේරිලා තිබුනා. ඒත් එයාට හිතන්න මහා ලොකු දෙයක් තියනවා වගේ එයා ඉදගෙන හිටියේ ඔහේ බලාගෙනයි. 

" මොකද...මේ.... ජොන්කුකාආාා... බලනවා තමුසෙගේ හැටි... නිකං බලෙන් නාවලා ගත්ත කුක්කෙක් වගේ... !! "


" ආාහ්...හ්‍යෝන්.... මට කුක්කා කියන්නෙපා.....!! "


ජොන්කුක් ළඟ තිබුනු කොට්ටෙන් ජින් ට දමලා ගහද්දි ජින් එයාගේ වීදුරැ පිහදාන හිනාවෙන් හිනාවුනා.


" මං බලාගෙනයි හිටියේ... ලී ෆැමිලි එකේ ග්‍රැන්ඩ්ඩෝටර් දිහා බලාගෙන මොනාද එච්චර කල්පනා කලේ...? "

ජොන්කුක්ට එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ජින් එහෙම අහද්දි ජොන්කුක්ට තේරැනා දැන් නම් ලෝඩ් කෙනෙක්ට මිසක් එයාව ජින්ගෙන් බේරගන්න කාටවත් බෑ කියලා.

ජින් කියන්නේ ජොන්කුක්ට ළඟම හ්‍යෝන්... ඉතින් එයාට ජොන්කුක්⁣ගේ පුංචිම වෙනසකුත් තේරෙනවා. ජොන්කුක්ට උනත් ජින්ට ⁣හංගන්න තරම් දෙයක් එයාට මේ වෙනකල්ම තිබිලා නෑ.

" මේකයි හ්‍යෝන්......"



ජින් ⁣ජොන්කුක් දිහා බලන් ඉන්න නිසාම ජොන්කුක් වචන අහුලන්න පටන් ගත්තේ එයාගේ බෙල්ලත් අතගාන ගමන්. ඒක හුඟක් අමුතු දෙයක් වෙන්නම ඕනේ කියලා හිතුනු නිසා ⁣ජින් ජොන්කුක්ගෙන් චුට්ටක් එහාට වෙලා හොඳට ජොන්කුක්ගේ මූණ පේන විදියට වාඩි උනා.




 ඒක හුඟක් අමුතු දෙයක් වෙන්නම ඕනේ කියලා හිතුනු නිසා ⁣ජින් ජොන්කුක්ගෙන් චුට්ටක් එහාට වෙලා හොඳට ජොන්කුක්ගේ මූණ පේන විදියට වාඩි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now