PART 23

508 99 47
                                    

හන්ගඟ කියන්නේ රෑ වෙනකනුත් මිනිස්සු එකතු වෙලා ඉන්න තැනක් උනත් එතන හරි අමුතු නිදහස් නිස්කලංක බවක් තිබුනා. මාශ් ජොන්කුක් දෙන්නා හිටියේ එයාලාට පුරැදු බංකුවට වෙලයි. ජොන්කුක් හිටියේ මාශ්ගේ ලැප් එක උඩින් එයාගේ ඔලුව තියාගෙන බංකුවේ දිගාවෙලයි. ජොන්කුක්ගේ එක කකුලක් බංකුවෙන් පහළට වැටිලා තිබුනා වගේම අනික් කකුල එයා නවාගෙන බංකුව උඩින්ම තියාගෙන හිටියා. එයා මාශ්ගේ බඳ වටේට අත් යවාගෙන එයාගේ මුණ මාශ් අස්සේ හං⁣ගගෙන ඇස් දෙකත් පියාගෙන හිටියේ. මාශ් නිදහස්ව තිබුන ජොන්කුක්ගේ කොන්ඩේ හිමිට පිරිමදින ගමන් හන් ගඟ කෙලවරකට ගිලිලා යන ඉර දිහා බලන් හිටියා.

මාශ් ගැස්සිලා ගියේ එයාගේ ෆෝන් එක රින්ග් උන නිසා. ජොන්කුක්ගේ නින්දට බාධාවක් නොවෙන්න මාශ් එයාගේ සයිඩ් බෑග් එකෙන් ෆෝන් එක ගත්තා. ෆෝන් කොලර්ගේ අයිඩි එක දැකලා හුස්මක් පාත දාපු මාශ් කෝල් එක ආන්සර් කලා.


" හේ..... කියන්න හින්සුයාා......! "




......................






" අහ්ම්මමම... ඇත්තටම මට..... "






මාශ් ජොන්කුක් දිහා බලන් කියද්දි ජොන්කුක් එයාගේ ඇස් ඇරලා මාශ් දිහා බැලුවා. මාශ් මොකුත් නොකිව්වත් ජොන්කුක්ට තේරැනා වෙන දේ. මොකද එයා මාශ්ගේ ස්වීට් ස්මෙල් එක විදින ගමන් ඇස් වහගෙන හිටියා මිසක් නිදාගත්තේ නැහැ. එයා එයාගේ ඔලුව උඩට පහළට කරලා ඇස් පිල්ලමකුත් ගැහුවේ මාශ්ට ඒක කරන්නයි කියන්න වගේ.





" ආහ්හහ... හරි හින්සුයා... මං හෙට එන්නම්... අපි ඉතුරැ වැඩ ටික පටන් ගමු....... හරි ඕකේ බායි......! "






මාශ් කෝල් එක කට් කරපු ගමන් ජොන්කුක් ආයමත් එයාට තුරැල් උනා.



" යාාහ්... ඔයා නිදාගෙන නෙමෙයි ද හිටියේ..! "




මාශ් කොච්චර කතා කලත් ජොන්කුක් කලේ එයාට තුරැල් වෙලා ඒවා ඇහැන්නැති වෙන්න නින්ද ගිහින් වගේ හිටපු එක.



" ගුකි... දැන් මං ආය ශුට්ස්වලට යනවා.. හෙට ඉදන්..... ඔයා එනවද... ? "



" හුහ්ම්.. මාත් එන්නම්.....! "




" ඇත්තටම ඇයි ඔයා එදා අරහෙම ගියේ... අනික කැමරා කරන්න බෑත් කියලා..... මොකද ඔයාට උනේ...? "




GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now