PART 28

441 96 61
                                    


බලාපොරොත්තු අත්ඇරන්න ගැට්ටක ඉදලත් අන්තිම මොහොතෙදි ඒ දේවල් වෙනස් උනොත්.... අන්තිම මොහොතෙදි දේවල් හරියට වෙයි කියලා හිතෙනවා නම්... මාශ්කුක් දෙන්නම හිටියේ ඒ හැඟිමෙන් හිත පුරවගෙන.

මාශ් එයාට කියන්න ඕන වෙලා තිබුන හැමදෙයක්ම... එයාට වචන කරන්න පුලුවන් හැමදෙයක්ම එයාගේ ජොන්කුක්ට කිව්වා. ජොන්කුක් කලේ මාශ් කියපු හැමදෙයක්ම සන්සුන්ව අහන් හිටපු එක. මාශ් එයාගේ පපාගේ ඇස්වල කඳුලු පිරෙනකට... මමා දුකින් කෑ ගහන එකට කොච්චර අකමැතිද.. ජොන්කුක්ව දකින්න නොලැබෙද්දි.. අහිමි වීම.. ගැන බය දැනෙද්දි.. එයාට දැනුන හැමදේම කියනකල් ජොන්කුක් මාශ්ගේ ඔලුව අත ගාන ගමන් හිටියා.

" දැන්.. ඇති.. හරිද.. ඔයා හැමදේම හොදට කරලා නේ... ඔයා හැමදේම තනියම දරාගන... දැට්ස් මයි ගර්ල්...!! අයි ලව් යු මාශ්...! "

ජොන්කුක් මාශ්ගේ නළලින් හාදුවක් තියන ගමන් මාශ්ගේ කම්මුල්වල බේරිලා තිබුන කඳුලු පිහිදලා දැම්මා. එයා මාශ්ගේ ඇස්වලට හාදුව ගානේ තියලා එයාව තුරැල් කරගත්තා.

" ඒත්...ආාශ්... අර ශිටි මිනිහාව දකිද්දි නම්.. මට හුඟක් තරහාගියා.. ජොන්කුකි...!! "

" කවුද...? "

" ඇයි..අනේ ⁣ප්‍රෆෝසල් කලා කිව්වේ...! මං ඔයාට කිව්වේ නැද්ද...! "

" කිව්වා..කිව්වා.. එතකොට ප්‍රෆෝසල් කරපු හාදයා ⁣ඔයාව බලන්න ආවාද..!! "

" ආාශ්... ඒ ලී-චුල්.. ජොන්කුකි......! "

මාශ් ලී-චුල්ගේ නම කියද්දි ජොන්කුක් එයාගේ තොල තද කරගත්තා. එයාගේ කම්මුල්වල හකු තද වෙලා ගියා වගේම එයා හුස්මක් ගිල ගත්තා. මාශ් එයාගේ ඉස්සරහ ඉන්න නිසා ජොන්කුක්ට පුලුවන් උනා හරිම ලේසියෙන් එයාව පාලනය කරගන්න.

" ලී-චුල්... යූ මීන් අර.. මොඩ්ලර් හාදයා..!! "

" ඔව්... එයා තමයි... එයා ජොන් ⁣ගෘප් එකේ ඒයර්ලු... ජොන් ලී-චුල්...! "

මාශ් දිහා බලාගෙනම හිටපු ජොන්කුක් එයාගේ ඇස් දෙක වහගෙන හොද හුස්මක් අරගත්තා. එයා එයාගේ යටිතොල හපන ගමන් මොන මොනවද බරටම හිතද්දි බලන් ඉදපු මාශ් ජොන්කුක්ගෙන් කිසිම සද්දයක් බද්දයක් නොතිබුන නිසා එයාට කතා කලේ එයාව හොලවන ගමන්.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now