PART 09

426 103 109
                                    

සුදු පාට ලේස් ජනේල් තිර රෙදි අතරෙන් බේරිලා එන ඉර එළිය මාශ්ගේ ඇස්වලට එක එල්ලෙම වැටිලා තිබුනා. ඒ නිසාම එයාට නිදාගන්න පුලුවන් උනේ ටික වෙලාවයි. ඉර එළිය නිසා උණුසුම් වුන කම්මුල්... වගේම ඇස් වලට දැනුන එළිය නිසා මාශ් නැගිට්ටා. ඇදේ දිගාවෙලාම එයා විනාඩි කිහිපයක් ඇස් දෙක පොඩි කලා.




" මං මේ කොහෙද.....? ආාාාආා... ඔලුව... මං.. ක්ලබ් එකේ නේද... අන්තිමට හිටියේ... කොහොමද........."




පොරවන් හිටපු බේඩ්ශිට් එකත් එහාට කරපු මාශ් හරිම උනන්දුවෙන් එයා ඉන්න රෑම් එක වටේම බැලුවා. අන්න එතකොටයි එයාට තේරැනේ එයා ඉන්නේ එයාගේම රෑම් එකේ. එයාගේ සනීප කොට්ට ගොඩට මැදිවෙලා.. තව සැහැල්ලු ඇඳුමකුත් එක්ක කියලා.

හැබැයි එයාට මතක ක්ලබ් එකේ ඩාන්ස් කරන ගමන් වොඩ්කා බෝතලයක්ම බිව්වායි කියනෙක විතරයි.

ඒක බිව්වා ආය බලද්දි ඉන්නේ රෑම් එකේ නිදාගෙන. මාශ්ට හිතුනේ එයා හීනයක් දැක්කදවත් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා එයාට තේරැනේ වයු එක්ක රේස් එක බලන්න ගියා කියලා මතක් උන නිසා.




" හ්හ...... දුෂ්ට මනුස්සයා....!! අයි හේට් යු...... බ්ලඩි බාස්ටර්...... ආය තමුන් මගේ ඉස්සරහට එන්නවත් එපා...!!! "




ජොන්කුක්ව මතක් උන තත්පරේම මාශ් එහෙම කිව්වේ තරහා පිරැනු හඬින්. ඒත් එයාගේ චොකලට් පාට ඇස්වල තිබුනේ වෙන දෙයක්.





" ආාාාශ්..... ඒක ඔයාට වැඩක් නැනේ.. මාශ්..... තේරැම් ගන්නවා... ඒ යකා කවුද.. මගේ... අනික... ඒ කෙල්ල... ආාා... කවුරැ උනත් මට මොකද... ආයමත් ඒ හූඩී කොහෙත්ම එපා...!!! "





මාශ් එහෙම කියන ගමන් නැගිට්ටේ ඇදේ බෙඩ්ශිට් එකත් බිමට දාගෙනමයි. එයා එයාගේ හොඳටම අවුල් උන කොන්ඩේට බන් එකක් දාගෙන වොශ්රෑම් එකට ගියේ ඉක්මනින් ලෑස්ති වෙලා පහළට ගිහින් බ්‍රෙක්ෆස්ට් එක ගන්නයි. ඒක නිකං ලන්ච් එකත් වගේ.. මොකද දැන් දවල් දොළහටත් ළඟයි.

හැබැයි මාශ්ට හොදටම අමතකයි.. එදා රෑ එයාව ගෙනත් ඇරලුවේ කවුද කියලා. උස හොඳ සයිස් දණ්ඩක් වගේ ඉන්න පෙට්ටි හිනා කටා ටේයො වගේ නෙමෙයි ඒ අල ගෙඩියක් වගේ පච්ච කොටන් කොයිවෙලෙත් හෙන ආඩම්බරේට පැන පැන යන හාවා කියලා එයාට එච්චර ගානක් උනේ නැහැ.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now