PART 15

439 98 41
                                    

ජොන්කුක්ට ගෝල්ඩන් ශිල්ඩ් එක ලැබුන නිසා තව අවුරැදු පහකට සෝල් වල ෆයිටර්ස්ලා අතර ගෝල්ඩ් ශිල්ඩ් හෝල්ඩර් වෙන්නේ එයා. මොකද ඒක අවුරැදු පහකට සැරයක් පවත්වන මැච් එකක්. කලින් අවුරැදු පහ ඇතුළේ ගෝල්ඩ් ශිල්ඩ් හෝල්ඩර් උනේ බ්ලැක් මාම්බා. එත් මෙතන තියන විශේෂය වුනේ මාෆියා ගැන්ග් එකක පුරැකකට නැතුව සාමාන්‍ය කොල්ලෙක්ට ගෝල්ඩ් ශිල්ඩ් එක ලැබුන පළවෙනි වතාව ඒක වීම. ⁣කම්පිටිශන් එකට ⁣ගොඩ දෙනෙක් සහභාගී උනත් මාෆියාවට සම්බන්ධ නොවුන කෙනෙක්ට ඒක ගන්න බැරි උනා.

ජොන්කුක්ට කොහොමත් ඕන අමුතු අමුතු දේවල් කරන්න. ඉතින් මේකත් ඒ ගොඩටම ආපු තවත් එක දෙයක්.

ලැබුනු ගෝල්ඩ් ශිල්ඩ් එක දකුණු අතට ගත්ත ජොන්කුක් ස්ටේජ් එකෙන් බිමට ඇවිත් ඒක ටේහියොන් දිහාවට දැම්මා. ජොන්කුක් ගාවට ආපු නම්ජුන් එයාව ළඟ තිබුන ⁣පුටුවකින් වාඩි කරවලා එයාගේ මෙඩිකල් ටීම් එකට කතා කලා.

මේ හැමදේම වෙන අතරේ ජොන්කුක්ගේ ඇස් බලන් හිටියේ මාශ් දිහා වගේම මාශ් ඒ බැල්ම මඟ නොහැර එයා දිහා බලන් හිටියා.


" ජොන්කුක් මං අත හරිගස්සන්නයි යන්නේ... ඕකේ...! "



නම්ජුන් ජොන්කුක්ගේ අත අරගෙන කිව්වම ඔලුව වනපු ජොන්කුක් ඇස් දෙක පියාගත්තේ එයාගේ යටි තොලත් ලාවට අල්ලගෙනයි. නම්ජුන් එකපාරම ජොන්කුක්ගේ අත වැළමිට ගාවින් පැනලා තිබුන තැන හදද්දි ජොන්කුක් ඇස් දෙක වහගෙන තදින් එයාට ⁣යටි තොල අල්ලගත්තේ වේදනාව යටපත් කරගෙනයි. එයාගේ අත්වල නහර ඉලිප්පිලා ගිහින් දරදඬු වුනේ ඒ වේදනාවටමයි.

මාශ් හිටියේ ඇස් දෙක වහගෙනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාශ් හිටියේ ඇස් දෙක වහගෙනයි. නම්ජුන් ජොන්කුක්ගේ අත හදනවයි කියලා ළඟට ආපු වේලාවේ ඉදන් එයා ඇස් වහගෙන හිටියා වගේම වේදනාවෙන් උනත් ඇස් ඇරලා බලපු ජොන්කුක්ට මේක පෙද්දි හිනාගියා.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now