PART 18

461 97 112
                                    

ක්ලබ් එක කලින් වගේ සාමාන්‍ය අතට හැරැනත් එතන හිටපු පිරිසක් හිටියේ හරිම අසාමාන්‍ය විදියට. වයු ජිමින් වගේම ටේහියොන් ජොන්කුක් දෙන්නත් ක්ලබ් එකේ කෙලවරම සෝෆා දෙකක මුණට මූණ වාඩි වෙලා හිටියා. මාශ් හිටියේ ඒ හරි මැදට වෙලා හිටගෙන අත්දෙකත් බැදගෙන එයාලා දිහා බලන්.

ජිමින් ජොන්කුක් දෙන්නා⁣⁣ගේ මූණවල් වල ඇඟිලි පාරවල් හිටලා වගේම කම්මුල් තැලිලා පොඩිවෙලා රතු වෙලා තිබුනා. විනාඩි පහළවක් විතර ඒ දෙන්නා පොර කුකුල්ලු දෙන්නෙක් වගේ ගහගත්ත නිසා එයාලා හිටියේ හොඳ අවුල් ජාලෙක.

එතකොට මාශ්ට කලින් තිබුන බය ගතිය නැති වෙලා ගිහින් තිබුනා වගේම එයා හිටියේ උපරිමේටම තරහා ගිහින්. ඒක එයාගේ මුණෙන්ම පෙනුනා වගේම එයා ඒක පාලනය කරගන්න අත් දෙක හරහට බැදගෙන ජිමින් ජොන්කුක් දෙන්නා දිහා බලන ගමන් හොඳට හුස්ම ගත්තා.

" ආාාශ්...... මගේ ඔලුවත් විකාරයි... දැන් ඇයි ඔයාලා දෙන්නා ගහගත්තේ..? "

මාශ් කියද්දි ජොන්කුක් ජිමින් දිහා රවලා බැලුවා. ජොන්කුක් රව රව ඉද්දි ගෙන්න ගත්ත අයිස් කැට ටිකක් ටිශු එකකට ගත්ත ටේහියොන් ඒක ජොන්කුක්ගේ මුණටම තිබ්බේ ජොන්කුක් ටේහියොන්ටත් රවද්දි.

" ඩාර්ලින් ඔයා දැක්කානේ.... මෙයා අපේ ෆස්ට් කිස් එක විනාස කරලා දුෂ්ටයෙක් වගේ මැදට පැනලා මට මුලින්ම ගැහුවා නේ..........!!!
.
.
.
.
ආාහ්.. වට් ද ෆක්.... ටේ..."


" හ්හහ.. ඩා...ර්ලි...න්....!! "

ජොන්කුක් කියපුවාගෙන් ඒ වචනේ විතරක් ඇහුනා වගේ ජිමින් හිනාවෙවි කියද්දි වයු එයා තිබ්බ අයිස් කැට පිරැනු ටිශු ටික ජිමින්⁣ගේ තුවාල වෙලා ලේ එන ගමන් තිබුන තොල ගාවින් වෙනුවට කටේම එබුවා.

වයු වගේම ටේහියොනුත් හිටියේ හොඳටම එපා වෙලා මේ විකාර දිහා බලාගෙන. මේක පටන් ගත්ත තැනක්වත් ඉවර වෙච්ච තැනක්වත් හරියට නැති නිසා හැමදේම විකාරයි.

ජොන්කුක් ජිමින් කලේම දෙන්නා දිහා බලන් රවන එකයි. මාශ් එතන තිබුනු බියර් එකෙන් භාගයක් විතර එක හුස්මට බිලා ඉවර කරද්දි නම් ඒ දෙන්නම මාශ් දිහා බැලුවා. මාශ් දුකින් වගේම කේන්තියෙන් ඉන්නේ කියලා දැනගත්තම ඒ දෙන්නටම හොඳටම වද වෙන්න පටන් ගත්තා.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now