PART 16

452 93 96
                                    


මාශ් කාර් එක ඩ්‍රයිව් කලේ එයාගේ නියපොතුත් කන ගමන්. කවදාවත් එයා කරන්න ගිය වැඩක් මෙච්චරම අවුල් වෙලා තිබුනේ නැහැ. ඉතින් එයා හිටියේ හොඳටම කලබල වෙලා. එයාලගේ මැන්ශන් එකට යන්න තිබුනු රෝඩ් එක ගාවට එද්දිත් වයු එයාගේ කාර් එක නවත්තගන ඉන්න හැටි එයා දැක්කා. වයුට සංඥාවක් දෙන ගමන් එයා එතන නතර නොකරම යද්දි වයුත් කාර් එක අරගෙන එයා එක්ක ආවා.

මාශ්ගේ කාර් එක පේන මානේ තියෙද්දිම එයාලාගේ මැන්ශන් එකේ ගේට්ටු ඇරැන නිසා එයා කාර් එක එහෙම්ම ඇතුළට දාලා නවත්තගත්⁣තේ ගාඩ්න් එකේ දුවිලි ඇවිස්සෙන්නම බ්‍රේක් කරලයි. එයා කාර් එකෙන් බහිද්දි එයාගේ පපා කම්පැනි එකට යන්න වාහනේට නගින ගමන් හිටියා වගේම වයු ඒ එක්කම කාර් එක ඇතුළට දැම්මා.

" ශෝෂ්....... මෙච්චරම.......!!! "



එහෙම කියන ගමන් මාශ් කාර් එකෙන් ඉක්මනින් එළියට බැස්සේ ලොකු හුස්මකුත් හිර කරගෙනමයි. මාශ් පපා ගාවට ගිහින් එයාව හග් කලේ මමා එයා දිහා ඇස් හීනි කරලා බලද්දියි.

" ඔය ඇවිත් තියන්නේ... හනී කට්ටියම... දැන් ඉතින් ඔයාට මේ ලොකු කෙල්ලො කොල්ලොන්ට කන්න දෙන්න උය උය හිටියැකි..!! "




පපා මාශ් දිහා බලන ගමන් හිනාවෙලා කියද්දි වයු කාර් එකෙන් එළියට බැස්සේ කාර් එකේ ඩිකි එකත් අරින ගමන්මයි.


" පරිස්සමෙන් ඉන්න ස්වීට්.. කොහෙ ගියත් මමාට කියලා යන්න හරිද....!! "



මාශ්ගේ පපා එයාගේ නළලට කිස් එකක් තියන ගමන් කියද්දි මාශ්ට මමාටයි පපාටයි එයා ඊයේ හිටපු තැන බොරැ කිව්වට දුක හිතුනත් මේ වේලාවේ එයාට එහෙම ඉන්න පුලුවන්කමක් තිබුනේ නැහැ. මාශ්ගේ පපා යද්දියි මාශ්ට පෙනුනේ එයා දිහා බලාගෙන අමුතුවට හිනාවෙන කෙනාව.

එයාගේ ඇස් සන්ග්ලාසස් වලට කවර් වෙලා තිබුනත් ඒ වගේ ලියවිලා තියන නැස්ටි හිනාව ගැන මාශ්ට ඉවෙන්ම තේරැනා. කාර් එකට බර වෙලා එයා මාශ් දිහා බලන් හිටියේ ' ඔහේගේ සෙල්ලම් ඉවරයි මාශ් වගේ' බැල්මකින් කියලා මාශ්ට හිතුනා.

වයු ඩිකි එකේ තිබුන ලැගේජස් ටික අරගෙන එද්දි මාශ් එයාලා දිහාවට ඇවිදන් ගියා.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now