PART 14

418 100 68
                                    

ටේහියොන් මාශ්ගේ Porsche එක ඩ්‍රයිව් කරගෙන ගියේ සෝල්වලින් ඈතකට. මාශ් දැනන් හිටියේ නෑ එයාලා යන තැනක්වත්. ටේහියොන් කාර් එක අරගෙන යන එයා මීට කලින් නොගිය නුහුරැ පාරවල් වල තියන දේවල් දිහා මාශ් උවමානවෙන් බලන් හිටියා.

එයාලා ඇතුල් වුන පාරවල් එන්න එන්න පාලු ස්වභවයක් වගේම ඉඩකඩ අඩු උන අඳුරැ පාරවල් වෙන්න ගත්තා. ඒත් ටේහියොන් නම් හිටියේ ප්ලේ වෙමින් තිබුන Tyga Ft කරපු Ayy Macarena Remix Song එකට චිල් එකේ වයිබ් වෙන ගමන්.

මාශ් බලන් හිටියා ටේහියොන් ඒක කිය කිය ඉස්සරහට පස්සට වෙන ගමන් දාන අමුතු අමුතු ඇක්ශන්ස් දිහා. ඒකත් එක්තරා විදියක මාවලස් වයිබ් එකක්.

ටේහියොන් කාර් එක ගෙනත් නතර කලේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකකින්. එතන වාහන කිහිපයක් තිබුනා උනත් ගාඩ් කෙනෙක්වත් එතන හිටියේ නැහැ.




" ජොන්කුක් ඉන්නේ... මේ අපාර්ට්මන්ට් එකකද.....? "


" නෝප්... මාශ්... ලෙට්ස් සී... කම්....! "


කාර් එකෙන් බහින ගමන් මාශ් ටේහියොන්ගෙන් ඇහුවා. ටේහියොන් එයාගේ ෆෝන් එකෙන් වෙලාවත් චෙක් කරලා ඉස්සරහට ඇවිදන් ගියේ මාශ් එයා පිටිපස්සෙන් ළඟින්ම එද්දි.

අපාර්ට්මන්ට් කාර් පාක් එකෙන් ඇවිත් එයාලා පටු පාරවල් දෙක තුනකින් ඇවිදන් ගියා.
' මේ යකා මොන මඟුලකද ඉන්නේ..' ඇවිදලා ඉවරයකුත් නැති නිසා වගේම යන පාරවල් එන්න එන්න සෙනඟ නැති පොඩි ⁣පාරවල් වෙන නිසා මාශ් එයාගෙන්ම ඇහුවත් ටේහියොන්ගෙන් අහන්න ගියේ නැහැ. එයා ටේහියොන් පස්සෙන්ම ඇවිදන් ගියා.

එයාලාට හම්බුන පාලමක් ගාවදි ටේහියොන් මාශ්ට අත දීලා එයාවත් පාලම යට පාරකට ඇදලා ගත්තා.



" ඊඊව්....ඩිස්ගස්ටින්.....!! "





පාලයම යට පාරක් කිව්වට.. එකේ මැද තිබුනේ ගඳ ගහන පොඩි ඇල පාරක්. ⁣ටේහියොන් හිනාවෙද්දි මාශ් එයාගේ නහයත් අල්ලගෙන ටේහියොන් පස්සෙන් ඉක්මනින් ඉක්මනින් ආවා. මොකද පුංචි පුංචි මීයො වගේම කැරපොත්තො වගේ පුංචි පුංචි සත්තු ඒ පාර අයිති කරගෙන හිටියේ.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now