PART 08

359 100 55
                                    

Back To Jeju..
At the Airport.

ජොන්කුක් හිටියේ අහසට නග්ගන සෝල්වලට යන ප්ලේන් එක දිහා බලාගෙන. එයාට ඕන වේලා තිබුනා ආයමත් එක පාරක් මාශ්ගේ චොකලට් පාට ඇස් දිහා බලන්න.

ඒත් දැන් ඒකට පරක්කු වැඩියි.

හුස්මක් ගත්ත ජොන්කුක් කැබ් එකට නැගලා ආයමත් ඒක ඩ්‍රයිව් කරන් ගියේ සැන්ඩිගේ කැෆේ එකට.

" මොකද මේ..... මූඩ් අප්සට්...! "

" මට බනනා මිල්ක්ශේක් එකක් ඕනේ.. නුනා..."

සැන්ඩි මුකුත් නොකියම ජොන්කුක්ට බනනා මිල්කි එකක් හදලා දුන්නා. එයා දන්නවා ජොන්කුක් බුම්මට්ටෙක් වගේ ඉද්දි එයාගේ හිත මොකට හරි තැලිලා පොඩි වෙලා ඇති කියලා.

ජොන්කුක් කිසිම කතාවක් නැතුව මිල්ක්ශේක් එක බීලා ආපහු යන දිහා සැන්ඩි වගේම ඒමිත් බලන් හිටියා.

" ජේකේ ඔප්පා... වෙනස් ⁣වගේ නේද.. ඔන්නි...."

" ඒක තමයි..... මේකට මොකද මේ එකපාරට උනේ..... ! "


රැල්ල දිහාවට ඇවිදන් යන ජොන්කුක් දිහා බලන් සැන්ඩි කිව්වා.


⁣එදා හවස් වෙනකල්ම ජොන්කුක් රැල්ල දිහා බලාගෙන ගල්පරයක් උඩ ඉදගෙන හිටපු එකයි කලේ. ඒමී ජොන්කුක්ට ගෙනත් දීපු ක්‍රිස්පි චිකන් බන් නිසා ජොන්කුක්⁣ගේ බඩපිරැනා.. වුනත් ක්‍රිස්පි චිකන් බන් කන වාරයක් පාසා එයාට මතක් උනේ එයාගේ කර උඩ ඉදන් කෑ ගහපු මාශ්වයි. එයා හරිම කලබලෙන් එදා ක්‍රිස්පි චිකන් බන් කාපු විදිය. එයා ඒක හිර කරගත්තත් එක්ක නේ.

ඒක ටිකක් අමුතු දෙයක්. ජොන්කුක්ට එයා එක්කම හිනායනවා සහ තව වේලාවකට හැමදේම එපා වුනා.

ඉර බැහැගෙන යන්න පටන් ගනිද්දි ජොන්කුක් කැරවෑන් එකට ගියා. ඇදට වැටුනට එයාට නින්ද ගියේ නැහැ. ඒ අතරෙයි එයා දැක්කේ කෙලවරේ ජනේලකට හේත්තු කරලා තිබුන ලොකු කැන්වර්ස් බෝඩ් එක. ජොන්කුක්ගේ මුණට ලොකු හිනාවක් ආවා.

ජොන්කුක් ඇද යට තිබුන එයාගේ පේන්ට් බඩු තිබුන බොක්ස් එක අරගත්තා. කැන්වර්ස් බෝඩ් එකත් අතට ගත්තු ජොන්කුක් එළියට ගිහින් කැරවෑන් එක ළඟින්ම ඒක තියාගෙන ඉදගත්තා.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now