PART 17

459 100 104
                                    



මාශ්ගේ Porsche එක ඈතට ගියේ ටේහියොන් ව දුවිලි ගොඩක නාවලයි. එයා එහෙම්ම හිටගෙන කල්පනා කලේ අර හිටපු පණ්ඩිත කොටා කාවද මරන්න හැදුවේ කියන එක. ඒ එක්කම එයාට මතක් උනා මාශ් හිටපු විදිය. ඒනිසා එයා ඉක්මනින් ජොන්කුක්ගේ අපාට්මන්ට් එකට ගියා. බැමි ටේහියොන්ටත් වඩා වේගෙන් ඉස්සරහින් ගිය නිසා එයා ඉක්මනින් එන්න පුලුවන් උනා.

සාමාන්‍ය වෙන්නේ කොල්ලෙක් බලු පැටියෙක්ව කන්ට්‍රෝල් කරනෙක උනත් මේක මෙතනදි කනපිට ගැහුනේ බැමි ටේහියොන්ව ඇදන් වගේ ගිය නිසයි. බැමි කෝමත් පොඩි හරක් පැටියෙක් වගේ ඉන්න නිසා එයාට ඒ වැඩේ හුඟක් ලේසි උනා. බැමිට ඕන කලේ එයාගේ උදේ වැඩ ටික ඉවර උන ගමන්ම එයා ආදරේම ඒත් අඩුවෙන් දකින්න ලැබෙන එයාගේ අයිතිකාරයා ගාවට යන්නයි.

අපාර්ට්මන්ට් එකේ ඩො එක ගාවට එද්දි ටේහියොන්ට බැරි උනා බැමිව අල්ලගෙන ඉන්න. මොකද එයාගේ ඕනර් උන ජොන්කුක් ඒ වෙද්දි දොර ගාව මොනවා හරි හොයන්න වගේ වටපිට බලන ගමන් හිටියේ. ටේහියොන් බැමිගේ චේන් එක අතඇරපු ගමන් බැමී ගිහින් නතර උනේ ජොන්කුක්ගේ ඇඟේ. කලින්ම ලෑස්ති වෙලා හිටපු නිසා ජොන්කුක් බැමිව වඩාගෙනම ටේහියෝන් දිහා බැලුවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



" මොකද.....? "

" නෑ... මේ ඒමි කිව්වා කවුද ආවා කියලා... ඒත් කවුරැත් නෑනේ........!! "

" ආව එකා ගියා මනුස්සයො......!!! "

ජොන්කුක්ගේ ඔලුවට එකක් ගහපු ටේහියොන්ගේ අපාට්මන්ට් එක ඇතුළට ගිහින් සෝෆා එකෙන් ඉද⁣ගත්තේ ජොන්කුක් එයා දිහා කන්ෆියුස්ඩ් වෙලා බලන් ඉද්දි.

" කවුද ආවේ.........!! "

" තමුසෙගේ චොකලට් කෑල්ල......!!!! "


GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now