PART 12

395 97 78
                                    

ශිත කාලය ඉවර වෙලා හොඳින් ඉර එළිය වැටෙන්න පටන් අරන් තිබුනත් සෝල් වලට ටිකක් තදින් හුළං හමපු කාලයක් ඒක.

මාශ් හිටියේ හුළඟ නිසා එහෙට මෙහෙට වැනෙන එයාගේ බැල්කනි එකේ තිබුන ස්වින්ග් චෙයා එක දිහා බලාගෙනයි. ඇදේ ගුලි වෙලා හිටපු මාශ්  ස්වින්ග් එක එහාට මෙහාට යන විදියටම එයාගේ ඔලුව එහෙ මෙහෙ කරන ගමන් හිටියේ එයාගේ සනීප කොට්ටෙත් බදාගෙනමයි.




" මාශියා... මොකද මේ... දැන් නම් හොඳටම ඇති..... බොරින්ග් කියලා ඔහොමත් බොරින්ග් වෙනවද... දැන් දවස් තුනක්... ඔයා මෙහෙම ඇදට වෙලා... ක්ලබ් යන්නෙත් නෑ... ශුට්ස් කරන්නත් බෑලු.. වයු එක්ක හැන්ග්අවුට් කරන්නත් බෑලු.... කෝ නැගිටින්න..... දරැවෝ.....!! "






මාශ්ගේ මමා හිටියේ කොට්ටවලට ගිලිලා හිටපු මාශ්ව එළියට අදින ගමන්. එයා මාශ් පොරවන් හිටපු ශිට් එකත් ඇදලා දාලා මාශ්ගේ අත් කකුල් කොනිත්තන ගමන් ඉද්දි මාශ්ගේ පපාත් රෑම් එකට ආවා.





" ඕහ්.... හනී... එයාට ඉන්න දෙන්න.. මගේ කෙල්ලට ඔහොම වද දෙන්නෙපා.....! "




"පපා අයි ලව් යු.......!! "





මාශ්ගේ ඇද කොනකින් වාඩි වෙන ගමන් මිස්ටර් ඉයෝන් කියනවත් එක්කම මාශ් එයාගේ පපාගේ තුරැළට ගියේ මෙච්චර වෙලා කියව කියව එයාව ඇහැරවන්න හදපු මමාට රවලමයි.




" යාාහ්....ඔයා තමයි මෙයාව නරක් කරන්නේ.... ඕන ඕන දේවල් දීලා.. ඕන ඕන විදියට ඉන්න දිලා... දවසක තේරෙයි මෙයා හස්බන්ඩ් කෙනෙක් ළඟ ඔයාව අමතක කරලා ඉද්දි.....!! "






" යාාහ් මමා..... මම එහෙම නෑ.... බලන්නකො පපා... මේ මමා කියන ඒවා......!! "




" එයා එහෙම නෑ හනී... මගේ පැටියා ඒම නෑ..... ඔයා ඉන්නකො... බොරැ දේවල් කියවන්නැතුව.... ම්මමම.. එතකොට මගේ ස්වීට්හාට් ඔයා..... ඔයාට මේම ඉන්න බෑ නේ.... මගේ පැටියට ආයමත් ඇමරිකා යන්න ඕනේද.. ආ...? "






" නො... පපා.. නො..... එහෙම නෑ... එහෙ ගියාම මට මීට වඩා පාලුයි... අර මොට්ට සිසී එයාගේ හස්බන්ඩ් එක්ක ඇලිලා වෙළිලා ලව් කරන හැටි දැකලාම මට එපා වෙනවා...! "





GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now