PART 21

718 95 107
                                    

The following part contains Mature Scenes. May be disturbing to some readers. Read at your own risk..!!!

__________________________________



සෝල් වලින් පි⁣ටත් උනාට පස්සේ ජොන්කුක් ගත කලේ හුඟක් ආමාරැ දවස් කිහිපයක්. එයාට මාශ්ව දකින්න තියා ටෙක්ස්ට් එකක්වත් නැතුව ඉන්නක හරිම එපාවෙන දෙයක් උනා. ජිවීතේ පළවෙනි පාරට ජොන්කුක් සෝල් වලට යන්න දවස් ගත වෙනකල් බලන් හිටියා.

ජොන්කුක් හිටියේ ඉන්නේ කොහෙද කියලා දන්නෙවත් නැති ලොකු ඒරියා එකක විහිදිලා ගිය මැන්ශන් එකක. ගෝල්ඩ් ශිල්ඩ් ඕනර් උන එක එයාට එපා උනේ ඒ වෙලාවෙයි. මොකද බ්ලැක් මාම්බා ඇතුලු ප්‍රධාන මාෆියාවක කේන්ද්‍රස්ථානයකට එයාට නම්ජුන් එක්ක යන්න උනා. මොකද එයාට මාෆියාවට ජොයින් වෙන්න බැරි නම් ෆයිට්ස්ලා පුරැදු කරන්න බාරගන්නයි කියලා ප්‍රධාන ලීඩර් දිගින් දිගටම බල කලා.

නම්ජුන්ගේ මැදිහත්විමෙන් එයාලා ඒක හොඳ අතකට විසදගත්තා. ජොන්කුක් ට්‍රේන් කරන වැඩේ ඕෆිශියලි බාර නොගත්තත් නම්ජුන්ට උදව් කරන්න එකඟ උනා. මොකද නම්ජුන් ජොන්කුක් වෙනුවෙන් ඒකට ඉදිරිපත් උනා වගේම එයාට එයාගේම ඇකඩමි එකක් පටන් අරගෙන පිටත සමාජය එක්කත් ගනුදෙනු කරන ගමන් ගැන්ග් මෙම්බ්ස්ලාට ට්‍රේන් කරන්න අවස්ථාව ලැබුනා. දවස් පහක් එතනට කොටු වෙලා හිටියට පස්සේ එයාලා එළියට ආවා. ඊට පස්සේ ඇකඩමි එකේ මුල් වැඩ කිහිපයකට නම්ජුන්ට උදව් කරලා ජොන්කුක් ආපහු සෝල් ආවේ පුදුම තරම් හදිස්සියකින්.

ජොන්කුක් ආවේ මාශ්ට චොකලට් ජාති වගේම ස්නැක්ස්... ස්වීට් කෑම තොගෙකුත් අරගෙනයි. එයාපෝර්ට් එකෙන් එද්දි තිබුන ලස්සන කැන්ඩි ශෝප් එක දැක්කේ නෑ වගේ එන්න එයාට බැරි උනා. ජොන්කුක් එයාගේ අපාර්ට්මන්ට් එකට ආවේ ඉක්මනින් ⁣⁣ෆෝන් එක අරගෙන මාශ්ට කෝල් එකක් දිලා එයාව හම්බෙන්න හිතාගෙන. ඒ වෙද්දි උදේ වෙන්න ළං වෙලා තිබුනත් හරිම අමුතු ලස්සන අඳුරක් පැතිරිලා තිබුනා.

පාස්කෝඩ් එක ගහලා ඇතුළට යද්දිම බැමි එයාව නතර කරගෙන එයාට එයාගේ ඩෑඩ්ව කොච්චර මිස් උනාද කියලා කිව්වා. ⁣බැමිව හුරතල් කලාට පස්සේ ජොන්කුක් නැගිට්ටේ එයාගේ බිම වැටුනු බෑග් ටිකත් අරගෙනමයි. එයා ඒ ටික සෝෆා එකෙන් තියලා ඉදගන්න හැදුවත් බැමි කෙදිරි ගාන ගමන් ජොන්කුක්ගේ කකුල්වල දැවටි දැවටි එයාට යමක් කියන්න උත්සහ කලා.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now