PART 06

442 106 40
                                    

ඩයිව් එකෙන් පස්සේ ජොන්කුක් මාශ් මූණට මූණ හම්බුනාම කලින් තිබුන මරාගන්න ගතිය ටිකක් අඩු වෙලා තිබුනා. හැබැයි වයු ඒ පොටො එකට වන්දනාමාන කරන්න පටන් ගත්තම නම් මාශ්ට වයුව එකපාර වෙඩිතියලා මරලා දාන්න පුලුවන් තරමේ කේන්තියක් ආවා. හැබැයි ජොන්කුක් නම් ඒක දැක්කම හරිම ප්ලේෆුල් විදියට හිනාවුනා. එයා කියන්නේ වයුට හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුලුවන්ලු.

ඩයිව් සෙශන් එකෙන් දවස් දෙකක් යනකල් ම කෘ එකේ අය ජේජුවල ඇවිදින්න ගියේ එයාලාට හිතුනු කැමති තැන්වලට. තමන් කැමති දේවල් කරලා බලන්න කියලා ජොන්කුක් හැමෝටම උපදෙස් දුන්නා. එතකොට තුන්වෙනි දවසේ උදේම මාශ් වයු එක්ක බීච් එකට ආවේ ස්වීම් කරන්න.

පහසු ඇඳුම්වලට මාරැවෙලා ඒ දෙන්නා පැය දෙක තුනක්ම ඇතිවෙකකල් ස්වීම් කලාට පස්සේ වැල්ලට ආවා. එයාලා දෙන්නා ටිකක් ඈතක තිබුන බීච් චෙයාස් පැත්තට ආවේ ඒ දෙන්නාගේ බෑග්ස් ටිකත් ගන්නමයි.

ඔය අතරේ ජොන්කුක් හිටියේ ෆලුඩා එකක් බොන ගමන් එයා ඉන්න පැත්තට ඇවිදන් එන මාශ් වයු දෙන්නා දිහා බලන්. හොඳයි ඒක ටිකක් මාශ් පැත්තට වැඩි බරක් තිබුන කෝණයක් වෙන්න පුලුවන්.

ජොන්කුක් හිටියේ එයාගේ බ්ලු ශයින් සන්ග්ලාස් දෙකත් දාගෙන හරියට එයාලා ⁣දිහා නොබලා ඉන්න ෆලුඩා එකට ඇඩික්ට් වුන කෙනෙක් වගේ.

මාශ් වායු එක්ක ඇවිත් ඉදගත්තේ ජොන්කුක් හිටපු බීච් චෙයා එකට ⁣ටිකක් ළඟින්. එයාලා සන් ක්‍රිම් ගාන එක දිහා බලන් ඉන්න ටිකක් අපහසු උන නිසාම ජොන්කුක් වයු එක්ක කතා කරන්න තිරණය කලා.

" ඉතින් ගර්ල්ස්... උදෙන්ම ස්විම් කරනෙක ඉතින්... මාවලස් ෆිලින්ග් එකක්... පැය කීයක් විතර ස්විම් කලාද..? "

" අපි හයට වගේ ආවේ... ජේකේ....! "

" වෝහ්... ඒ කියන්නේ පැය හතරකට කිට්ටු වෙන්න වගේ ස්වීම් කරලා නේ..."

" වතුරේ ඉද්දි වෙලාව යන්නවා තේරෙන්නැ නේද... මාශ්......! "

වයු එහෙම කිව්වේ සන් ක්‍රිම් ගාගෙන ඉවර වුන මාශ් බීච් චෙයා එකේ හොඳින් හාන්සි වෙලා එයාගේ සන්ග්ලාස් දෙක දාගනිද්දියි.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now