PART 11

387 101 35
                                    

ජොන්කුක් නොපෙනී යනවත් එක්කම මාශ් බැලුවේ ලී-චුල්ට උදව් කරන හෙසෝක් දිහා. එයා ඒ දෙන්නා ගාවට ඇවිදන් ගියේ මොකක්ද ඒ උනේ කියන එක ගැනත් හිතන ගමන්මයි.


" ලොකු අවුලක් නැනේ.. මිස්ටර් ලී-චුල්..? "



" නො...නෝ.. අයිම් ෆයින්..... ඉට්ස් ඕකේ..! "





ලී-චුල් එයාගේ ඇදුමත් හදාගෙන බැලුවේ ජොන්කුක් ⁣ඇවිදන් ගිය පාර පැත්තයි. මාශ් එතනට ඇවිත් එයාලා දිහා බලන් ඉද්දි ලී-චුල් මාශ් දිහා බලලා හිනාවුනා.



" සී යු සූන් මාශ්.... ඇන්ඩ් ඔයා එක්ක වැඩ කරන්න ලැබුන එක සතුටක්..! "



" ඕහ්... මටත් ලී-චුල්..! "





" මට ලී කියලා කතා කරන්නකො... ඒක ලේසි නේ..... ! "








ලී-චුල් මාශ් හෙසෝක් තුන්දෙනා එතනට වෙලා ටිකක් කතා කර කර හිටියේ එයාලාගේ ඊළඟ තීම් එක ගැන. ඒක ඉවර උනාට පස්සේ මාශ් එයාගේ කාර් එක අරන් හන් ගඟ ගාවට ආවේ යන්න තැනක හරි හමන් අදහසක් එයාට නොතිබුන නිසා. ඒ උනත් එයාට ඕන කලා ජොන්කුක්ව හම්බෙන්න. ජොන්කුක් මාශ් වෙනුවෙන් කලබල වුනාට තැන්ක් කරන්න එයාට ඕන වුනා.

හන්ගඟ ගාවට ඇවිත් එතනට වෙලා හිටපු මාශ් එතනින් යන්න හැරැනේ එයාට දැනුන හිස් හැඟිම නිසයි. ගෙදර යන්න හිතාගෙන මාශ් එයාගේ Porsche Taycan එකට ආවත් ක්ලබ් එකට හැරෙන රෝඩ් එකෙන් එයා කාර් එක හරව ගත්තේ දැනුන හිස් හැඟිම යවාගන්න පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නමයි. අනික ටේහියොන්ගේ පෙට්ටි හිනාව දවස් ගානකින් දැක්කේ නැ නේද කියලා මතක් උන නිසා එයා කාර් එකේ වේගේ වැඩි කලා.

" ජොන්කුක්.. හිටියේ හොඳින් නෙමෙයි.. මුල ඉදන්ම.... එයාට ලී-චුල් එක්ක මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියනවා ඇති.....! "

ඩ්‍රයිව් කරන අතරතුරේදිත් මාශ්ට ජොන්කුක්ව මතක් උන නිසා එයාගේ කටින් එහෙම පිටවුනේ එයාගේ හිතට හේතු පහදන්නමයි. එයා එහෙම හේතු පහදන්නේ එයාගේ හිත ජොන්කුක් ගැන වදවෙන නිසා වෙන්න පුලුවන්. ජොන්කුක්ව පැත්තකින් තියමුකො.. එයා කැමති නැ එයාගේ හිත රිද්දගන්න. රිදුන හිතක් කියන්නේ ⁣හරිම ලොකු වදකාරියෙක් කියලායි මාශ් විශ්වාස කරන්නේ.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now