PART 20

549 95 101
                                    


දවස් ගත වුනේ හරිම ඉක්මනින්. රිසෝට් එකේ දවස් තුනක රිලැක්ස් මූඩ් එකකින් හැමෝම ආපහු ආවා. කලින්ට වඩා ජිමින්ට ජොන්කුක් එක්ක තිබුන එක එක ප්‍රශ්න ඉවර වෙලා තිබුනා. ජොන්කුක්ව ආශ්‍රය කරපු දවස් ටිකට ජිමින්ට හිතුනා ජොන්කුක් කියන්නේ සාමාන්‍ය ප්ලේබෝයි කෙනෙකුත් නෙමෙයි කියලා. එයා හිතන් හිටියේ ජොන්කුක් ෆක්බෝයි කෙනෙක් කියලා. ඒකයි එයා අච්චරම දැඟලුවේ.

දැන් බලන් ගියාම ජොන්කුක් කියන්නේ ෆක්බෝයි කෙනෙක් තියා ප්ලේබෝයි ටයිප්වත් නොවෙන අමුතු ජාතියෙක් මනු⁣ස්⁣සයෙක් නිසා ජිමින් උනත් හිටියේ ජොන්කුක් ගැන කුතුහලෙන්.

අනික් අතට ජොන්කුක් දැනගත්තා  මාශ්ට ජිමින්ව වගේම ජිමින්ට මාශ්ව කොච්චර වටිනවාද කියලා. එයාලා අතර තිබුන බැඳිමට ජොන්කුක් කැමති උනත් සමහර වේලාවට එයාගේ ජෙලස් මූඩ් එක ඇක්ටිව් වෙන්නේ මෙතන කපල් එකක් වගේ එ දෙන්නා ඉන්න ගියාමයි. එහෙම කරන්න බෑනේ... මාශ්කුක් නේ මෙතන කපල් එක.

එතකොට ජිමින් කරන්නෙම ජොන්කුක්ව අවුස්සලා ජෙලස් කරවන වැඩ... මාශ් ඉතින් ⁣එහෙටයි මෙහෙටයි වෙවි හිටියේ එයාට ඒ දෙන්නවම ඕන නිසා.

ටේහියොන් නම් හිටියේ ෆුල් මාවලස් එකේ එන්ජෝයි කරන ගමන්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සෙමීත් මේ දවස්වල කොරියාවලින් පිට ඉන්න නිසා ලැබුනු අවස්ථාව අහක දාන්න එයාට කොහෙත්ම උවමානවක් තිබුනේ නැහැ. වයු හිටියේ මේ විකාර ඔක්කොටම කඳුලු එන්න තරම් හිනාවෙලා සතුටින්. හැමදේම හොඳ විදියට වෙද්දි එයාට සතුටු හිතුනා.

මාශ් හිටියේ එයාගේ රෑම් එකට වෙලා ⁣ෆෝන් එක ඔබන ගමන්. එයා කාටද මන්දා මොන මොනවද ටෙක්ස්ට් යවන්නේ හොඳටම හිනාවෙවි. එතකොට ජිමින් හිටියේ එයාට එහා පැත්තෙන් පෙරලිලා ෆෝන් එකේ ගේම් එකක් ගහන ගමන්. ඒකත් එයාගේ ප්‍රතිවාදියාට හිටියේ ටේහියොන් එක්ක.

මාශ්ගේ මමා එයාලා දෙන්නා දිහා බලන් ඉදලා ආපහු යන්න හැරැනේ හිනාවෙලා උනත් එයාට මාශ්ගේ හැසිරීමේ වෙනසක් හොදටම තේරැනා. ඒත් එයා ඒක වැඩිය ගණන් නොගත්තේ ජිමින් ආවට පස්සේ එහෙම එකක් එයාට දැනුන නිසයි.

GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Where stories live. Discover now