Introduction

4.1K 396 21
                                    

වසර පහලවකට පෙර සිදුවුන ම්ලේච්ඡ මිනීමැරුමක්!!!
හිටි හැටියේ හමපු දරුනු කුණාටුවකින් විසිරිලා ගිය සොදුරු කැදැල්ලක්....
දෙමාපියන් ගේ ඝාතකයා ව ඇස් දෙකෙන් දැක්ක අවුරුදු දොලහක පුංචි කොල්ලෙක්!!
ධනය බලය හමුවේ වැලලුන ඇසින් දුටු සාක්ෂියක්....
පුංචි සිතක පැලවුන වෛරයේ බීජයක්....
××××××××××××××××××××××××××××××××

පලිගැනීම ජීවිතේ කරගත්ත අති සාර්ථක, කඩවසම් ව්‍යාපාරිකයෙක්, සැප සම්පත් පිරුණු මන්දිරයක ජීවත් වෙන  තටු සිදුන කිරිල්ලියක්.....
+++++++++++++++++++++++++++++++++

කන්ග් එව්ලින්....

සෝල් වල අංක එකේ ව්‍යාපාරිකයෝ  දහ දෙනා අතර  හිටපු  එකම කාන්තා නියෝජනය මිසිස් කන්ග්.... විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක් පුරා පුලුල්ව විහිදුනු ලාබ ලබන කන්ග් ව්‍යාපාර ජාලයේ වර්ථමාන සභාපති වුනේ මිසිස් කන්ග්.....
ලෝකෙට පේන්න මිසිස් කන්ග් ට ගැහැණු දරුවෝ  දෙන්නෙක් හිටියා !! අවුරුද්දක වයස් පරතරය ඇතුව ඉපදිලා හිටපු කෙල්ලෝ දෙන්නා ගතිගුණ අතින් අහස පොලව වගේ එකිනෙකා ට වෙනස් වුනා...

කන්ග් මින්ජි....

මිසිස් කන්ග් කැමති ම දරුවා.... මිසිස් කන්ග් ගේ සම්පූර්ණ ලෝකෙම ගොඩනැගිලා තිබුනේ මින්ජි වටා....

කන්ග් හේලි.....

හේලි තමයි කන්ග් පෙලපතේ සැබෑම උරුමක්කාරි.... කන්ග් ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වුනේ හේලිගේ ඔම්මා,  එතකොට මිසිස් කන්ග්!!! මිසිස් කන්ග් හේලිගේ කුඩම්මා!!! මිස්ටර් කන්ග් ගේ මරණයෙන් පස්සේ ව්‍යාපාර වල පාලනය මිසිස් කන්ග් තමන්ගේ අතට ගත්තා...

ජන්කුක් ජොන්.....

ව්‍යාපාර ලෝකයේ කන්ග් ව්‍යාපාර ජාලය ජොන් සමූහයට වඩා අඩියක් ඉස්සරහින් හිටියත්,  මාෆියා ලෝකෙදි ජන්කුක් ට ඉහලින් යන්න රටේ ජනාධිපතිටවත් පුලුවන් කමක් තිබුනේ නෑ......  ජන්කුක් ගේ  අසීමිත කඩවසම් මුහුන ඇතුලේ හැංගිලා හිටපු මාෆියාවේ රුදුරු ලේ පිපාසිතයා Evil Bunny  ගැන දැනගෙන හිටියේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක්.... අඩු වයසින් ම සාර්ථක ව්‍යාපාර කිහිපයක සම අයිතිකරු වුන ජන්කුක් ගේ හිත හිරිවට්ටන සීතල  බැල්මත්  එක්ක  එකතු වුන  කඩවසම් පෙනුම  කෙල්ලෝ පිස්සු වැට්ටුවා!!!ආයාසයකින් තොරවම ගොඩක් කෙල්ලන්ගේ හීන වල සීමා මායිම් නැති ඉඩක් ජන්කුක් ට වෙන් වෙලා තිබුනා.....

ඒත් ජන්කුක් ට තිබුනේ එකම එක අරමුණක් විතරයි!!!
පලිගැනීම!!! පලිගැනීම විතරමයි!!!

ඉතින් සීමා මායිම් නැති වෛරයේ රුදුරු පලිගැනීම සොදුරු ආදර කථාවක සමාරම්භයක් වේවිද???

කැමති නම්,
Library add කරලා තියාගන්න....
කාලේකට කලින් ලියපු intro එකක්, පුලුවන් වෙලාවට අප්ඩේට් කරන්නම් ෂෝට් චැප්ටර්ස් වලින්....

#Deshu

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now