20🖤Minji's Baby!!!🖤

1.5K 329 50
                                    

හේලි අතුරුදහන් වෙලා මේ වෙනකොට මාස හතරක් ගෙවිලා ගිහින් තිබුනා.... ජන්කුක් දවසේ වැඩිහරියක් මැන්ෂන් එක ඇතුලට ම වෙලා ගෙවලා දාන්න පුරුදු වුනා... හදිසි වැඩක් තිබුනොත් ඇරෙන්න ජන්කුක් මැන්ෂන් එකෙන් එලියට ගියේම නැති තරම්.....

අනිත් හැමෝම ජන්කුක් ගේ මේ නිහඩ පිලිවෙත ගැන වද වුනත් එක්කෙනෙක් විතරක් මේ දේවල් ගැන සතුටු වුනා.. ඒ ජින්!!! තාමත් ජන්කුක් සූදානම් වුනේ නෑ එයා හේලිට ආදරෙයි කියන එක පිලිගන්න.... ජින් ඒ ගැන අහන හැම වෙලාවකම ජන්කුක් ජින්ට කිව්වේ තමන් නිසා හේලිගේ ජීවිතේ නිකරුනේ අවුල් වුන එකට වද වුනත්, තමන්ගේ වෙනසට හේතුව හේලි නෙවෙයි කියලා......

"නම්ජුනා අද හවසට මොකක් හරි වැඩක් තියනවද?"

බටර් ගාපු පාන් පෙත්තක් නම්ජූන් ගේ ප්ලේට් එක උඩින් තියන ගමන් ජින් ඇහුවා...

"අද හවසට සුන්මි ආපහු ඩොක්ටර් ලගට යමු කිව්වා හෙයොන්ග්, ඒත් ඇයි මං එන්නම්!!"

"ආනියා අනියා!!! සුන්මි එක්ක යන්න!!! මේ සැරේවත් සුබ ආරංචියක් අහන්න බලන් ඉන්නවා මං!!!"

"ආර්ග්හ් හෙයොන්ග්!! මං දැන් ඕවා ගැන හිතන්නේ නෑ!! ඇත්තටම සුන්මි ගොඩක් හොද කෙනෙක් හෙයොන්ග් දන්නවනේ, මුලින්ම සුන්මිව මැරි කරද්දි මගේ හිතේ එයා ගැන කැමත්තක් තිබුනේ නෑ කියලා!!!"

"මං දන්නවා!!"

"ඒත් දැන් ඒක වෙනස් හෙයොන්ග්!! සුන්මි මට දැන් සතියකට විතර කලින් කිව්වා...ආහ්...."

"මොකද්ද?"

නම්ජූන් බිම බලාගෙන සද්ද නැතුව ඉද්දි, කර කර හිටපු වැඩේ නවත්තලා ජින් ජූන් දිහා බැලුවා...

"එයාට දරුවෝ නැති නිසා, ඕන නම් මට ඩිවෝස් එක දෙන්නම් කියලා!!!"

"ආයිෂ් මේ කෙල්ල!!"

"මං ඉස්සර සුන්මිව තේරුම් ගත්තේ නෑ හෙයොන්ග්!! ඒත් ඒත් එයා ගොඩක් හොද කෙනෙක්... ඉතින් මට මට බෑ හෙයොන්ග්..."

"ආහ් හිතන්න දෙයක් නෑ නම්ජුනා!! මං සුන්මි එක්ක කතා කරන්නම්!!"

"හෙයොන්ග්!!! මට තව දෙයක් කියන්න තියනවා!!"

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now