15🖤Love 🖤

1.4K 314 35
                                    

හීනී වැහි පොදයක් ඉහිරිලා යද්දීම වේගෙන් බයික් එක ඉස්සරහට අරගෙන ආපු ජන්කුක් ගස් කොලන් වලින් පිරුන තරමක් අදුරු පාරක් දිගේ ඉස්සරහට ගිහින් ගලින් බැදුන උස් තාප්පේකින් වටවුන වත්තක පුංචි යකඩ ගේට්ටුවක් ඉස්සරහින් බයික් එක ස්ලෝ කරලා කකුලෙන් තල්ලු කරලා ගේට්ටු පියන ඇරගෙන බයික් එක වත්ත ඇතුලට අරගත්තා....

අතරින් පතර වැටෙන හීන් වැහි පොදත් එක්ක මුලුමනින්ම රූස්ස ගස් වලින් පිරුන වත්ත පුරා රැදිලා තිබුනේ තෙත පාට ලා අදුරක්...දෙපැත්තෙන් උසට වැඩුන මල් වැටක් මැද්දෙන් තිබුන පාර දිගේ ජන්කුක් බයික් එක ඉස්සරහට අරගෙන යද්දී හිතේ හැංගුන තිගැස්මක් එක්ක හේලි පහුවෙන ගස් කොලන් දිහා ඔහේ බලාගෙන හිටියා....

පාර කෙලවරේ පැරනි තාලේ අදුරු දෙමහල් නිවසක් ඉදිරියේ බයික් එක නවත්තපු ජන්කුක්, හෙල්මට් එක ගලවලා හැන්ඩ්ල් එකෙන් එල්ලලා දාඩියට තෙත් වෙලා  නලලට ඇලිලා තිබුන කොන්ඩේ අතින් පස්සට කරලා ගසන කොට හේලි ඉහලට අරගත්ත හුස්ම පහල දාන්න අමතක වෙලා වගේ ජන්කුක් දිහා ම බලාගෙන හිටියා....

දිවෙන් තොල් තෙත් කරලා පියර්ස්ඩ් අයිබ්රෝ එක උස්සලා හේලිගෙන් ඇයි කියලා අහන ගමන් හේලි ගේ හෙල්මට් එක ගලවපු ජන්කුක් බෙල්ල පස්සට නවලා අහස දිහා බැලුවා....

ඒත් එක්කම ලොකු වැහි බින්දුවක් නලලට වැටුනම ආපහු ඔලුව උස්සපු ජන්කුක් ජැකට් එක ගලවලා අතට අරගෙන  තාමත් පුදුමෙන් බලාගෙන ඉන්න හේලිගේ ඔලුවට දානකොට හිතුවක්කාර වැහි බින්දුවක් හේලිගේ ඔලුවට වැටිලා නලල, නහය දිගේ පහලට ගලාගෙන ගියේ ජන්කුක් ගේ හද ගැස්ම වේගවත් කරලා.....

හේලිට හිතන්න වත් වෙලාවක් නොතියා නහයෙන්  හේලිගේ තොල් වලට වැටුන වතුර බින්දුව ට තොල් තියපු ජන්කුක්,

"ගුඩ් ජොබ් හේලියා,, ඉට්ස් ඇමේසින්ග්!!!"

කියලා හේලිව උස්සලා බිමින් තිබ්බේ, හේලි රොබෝ කෙනෙක් වගේ ඇස් ලොකු කරගෙන එහෙමම හිටගෙන බලාගෙන ඉද්දි....

"ඔහ් වැස්ස වැඩි වෙනවා එන්න යමු "

බයික් එකෙන් බැහැලා අහස දිහා බලපු ජන්කුක් ඊලගට හේලිගේ අතින් ඇදගෙන  ගස් අතරේන් වැටුන පාර දිගේ ඉස්සරහට දුවන්න ගත්තේ  හේලී පරඬැලක් වගේ ජන්කුක් ගේ පස්සේ ඇදිලා යද්දී.. 

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now