🖤පැහැරගැනීමක්!!🖤05

1.5K 338 27
                                    

ජන්කුක් පැයක් තිස්සේ මිෂන් රූම් එකේ කලබලෙන් එහා මෙහා ඇවිදින ගමන් හිටියේ....කන්ග් මන්දිරෙන් පිටවෙලා ආපහු ආපු වෙලාවේ ඉදලා මිෂන් රූම් එකට ආපු ජන්කුක් එක මොහොතකට වත් වාඩි වුනේ නෑ.... කලබලෙන් රූම් එකේ එහා මෙහා ඇවිදින ජන්කුක් ගේ ඇස් සැරෙන් සැරේට බිත්තිය දිහාවට යොමු වුනා......

තද කලු පාටින් පේන්ට් කරලා තිබුන තරමක් අදුරු කාමරේ ඉදිරිපස බිත්තිය වැහිලා තිබුනේ තරමක් විශාල ඡායාරූපයකින්....  පුංචි දරුවෙක් එක්ක ලස්සනට හිනාවෙලා ඉන්න සුන්දර ගැහැණු කෙනෙක් එක්ක කඩවසම් පිරිමියෙක් ඡායාරූපයේ හිටියා.....

ගුවන්මාර්ග තොරතුරු සදහන් සිතියමක්,  නැව් ගමනාගමනය සම්බන්ධ සිතියමක්,  ගොඩබිම විවිධ මාර්ග වල සුවිශේෂී සිතියම් වලින් වගේම,  එක් එක් පුද්ගයින්ගේ ඡායාරූප වලින් අදුරු කාමරේ බිත්ති පිරිලා තිබුනා.....

ඒත් ජන්කුක් ගේ අවදානේ රැදිලා තිබුනේ දකුනු පස බිත්තියේ.... මීට අවුරුදු පහලවකට වඩා පැරනි පුවත්පත් වාර්තා සටහන් අලවලා තිබුන බිත්තියේ ඉහල කොටසේ පේලියට  ඡායාරූප පේලියක් අලවලා තිබුනා.... ඡායාරූප දෙකක් යටින්  අලුත් පුවත් පත් වාර්තා දෙකක් අලවලා තිබුන අතරේ ඡායාරූප මත රතු පාට කතිර සලකුනක් ඇදලා තිබුන.....ඊට අමතරව පහල ඉදන් ඇදලා තිබුන ඊතල සලකුනකින් පුවත් පත් වාර්තා වගේම ඡායාරූප එකිනෙකට සම්බන්ධ කරලා තිබුනා.... පසුගිය සතියේ දිනයක් සටහන් වුන පුවත් පත් වාර්තාවක් අලවපු ඡායාරූපය ලගින් ඊතලය නැවතිලා තිබුනා.... බැලු බැල්මට ඊතලය ට තව දුර ගමනක් තියන බවත්  පේන්න තිබුනා.....

තවත් මොහොතකින් එහා මෙහා ඇවිද ඇවිද හිටපු ජන්කුක් ගේ අවදානේ කැඩුනේ phone එකට ආව  notification එකක් නිසා,,, ටිකක් වෙලා ඇස් ලොකු කරගෙන, කට ඇරගෙන, දත් වලින් තොල  හපන ගමන් උනන්දුවෙන් phone එකට ආපු පනිවිඩේ කියවපු ජන්කුක්,  කට කොනේ ඇදුන හිනාවක් එක්කම උස පුටුව කරකවලා අරගෙන වාඩිවෙලා මේසේ කොනකින් කකුල් දෙක තියාගෙන ඔලුව පිටිපස්සට හේත්තු කරගත්තා.....

හවස කන්ග් මන්දිරේදි හේලිව දැක්ක ජන්කුක් ගේ ඔලුවේ වැඩ කරපු එකම දේ හේලි කවුද කියන එක,  ජන්කුක් ට ඕන වුනේ කන්ග් මන්දිරේ ඇතුලේ විශ්වාසවන්ත සේවකයෙක්..... කන්ග් මන්දිරේ ඇතුලත සේවය කරන සුලු සේවක පිරිස දැනට අවුරුදු දහයකට වඩා පැරනි සේවකයෝ නිසාම ජන්කුක් ට ඒ අයගෙන් උදව්වක් ගන්න එක හීනයක් වුනා.... ඒත් කලින් දවසේ මුන ගැහුන හේලි අන්තිමට කියපු දේ නිසා  හැගීම් එක්ක පුංචි සෙල්ලමක් කරන්න ජන්කුක් ට හිතුනා....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now