07🖤රගපෑම🖤

1.5K 332 98
                                    

පැය තුනකට වැඩි වෙලාවක් හිතේ තරහා දියවෙලා යනකන් එකදිගට පන්චින්ග් බෑග් එකත් එක්ක ඔට්ටු වුන ජන්කුක් දාඩිය බිංදු බේරෙන කූරූ කොන්ඩේ අත් දෙකෙන්ම පස්සට කරගෙන වේගෙන් හුස්ම ගත්තා...  මූන බිමට හරවගෙන ඇස් උස්සලා පැද්දෙන පන්චින්ග් බෑග් එක දිහාම බලාගෙන හති ඇරපු ජන්කුක් අතේ තිබුනු ගාඩ්ස් දෙක ගලවලා විසී කරලා වේගෙන් ඇවිදගෙන ගිහින් ලිෆ්ට් එකට ගොඩ වුනා....

සෙකන්ඩ් floor එකෙන් බැහැලා කෙලින්ම හේලි හිටපු රූම් එකට ඇවිදගෙන ගිය ජන්කුක් හේලිගේ රූම් එකේ දොරට අත තියන කොටම පැත්තකින් හිටපු කෙනෙක් අත දික් කරලා ජන්කුක් ව නැවැත්තුවා....

"හෙයොන්ග්!!!"

Warning sound එකකින් ජන්කුක් ගොරවද්දි, ජන්කුක් ගේ අත අල්ලගෙන හිටපු අත තව ටිකක් තද වුනා... 

"දැන් නෙවෙයි කුකී!! මට කථා කරන්න ඕන!!"

ජන්කුක් ඉන්නේ තරහින් කියලා දැන දැනත් ජිමින් හෙමින් කිව්වා....

"අයින් වෙන්න!!!!!"

දත් කූරු කන ගමන් ජන්කුක් කියනකොට,  ජන්කුක් ගේ අත උඩ තිබුන අත තව ටිකක් තද කරපු ජිමින් ජන්කුක් ගේ උරහිස වටේ අත දාලා උරහිසට හෙමින් තට්ටු කලා.... තරහා ගිය බනී ව ආපහු කුකී කරගන්න ජිමින් තරම් දන්න කෙනෙක් තවත් හීටියේ නෑ.....

ජන්කුක් තරහින් ඉන්න හැම වෙලාවකම ජන්කුක් ගේ තරහා නිව්වේ ජිමින්,  ජිමින් හෙයොන්ග් ගේ උනුසුම් අත්වලින් ලැබෙන සුවපහසු තට්ටුව හරි ඉක්මනින් ජන්කුක් ගේ තරහා නිවලා දානවා..... ඒ වුනත් ජන්කුක් එයාගේ හැමදේම කිව්වේ එයා යාලුවෙක් වගේ ආශ්‍රය කෙරුවේ එයාගේ තේහයුන් හෙයොන්ග් ව ... ජන්කුක් ජින් එක්ක කලේ රන්ඩු කරන එක විතරමයි,  දෙන්නා එක තැනක ඉන්නවා නම් අනිවාරෙන් රන්ඩුවක් කියලා හැමෝම දන්නවා. හැබැයි ඒවා හරි ආදරනීය රන්ඩු ....

නම්ජූන්!! නම්ජූන්ට ජන්කුක් ගේ ලෝකේ හම්බ වෙලා තිබුනේ අප්පගේ තැන,  ජන්කුක් නම්ජූන් එක්ක වචන කීපෙකට වඩා කථා කලේ නෑ, වගේම ජන්කුක් නිතරම නම්ජූන් ගේ තීරන වලට පිටින් වැඩ කලා,  ඒත් හිත යටින් ජන්කුක් හැම මොහොතකම නම්ජූන් ගේ උපදෙස් බලාපොරොත්තු වුනා....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈHikayelerin yaşadığı yer. Şimdi keşfedin