23🖤FINAL 🖤(mature content ahead)

2.2K 387 133
                                    

එක දෙක වැටුන වැහි බින්දු මොහොතකින් එහා මෙහා නොපෙනෙන අනෝරාවක් වෙනකොට, උස ජනෙල් වීදුරුව ට ඉහිලා ගලාගෙන යන හිරිකඩ දිහා හේලී ඔහේ බලාගෙන හිටියේ නුහුරු තාලේකට හදවත ගැහෙන කොට....

මොහොතකට කලින් අලුපාට පරිසරය පුරා අතරින් පතර විසිරිලා තිබුන ලා පාට හද එලිය වියැකිලා, පරිසරය පුරාම ඇදිලා තිබුනේ ගුප්ත අදුරක්..... වැස්සේ හෝ හඩ විතරක් කන් ඇතුලේ දෝංකාර දෙනකොට සීතල  ජනෙල් වීදුරුවට කම්මුල තද කරගත්ත හේලී පඩිපෙළ දිගේ ඉහලට එන පියගැටෙන හඩට කන් දුන්නේ කම්මුල් පුරා ලා රතක් ඉහිරිලා යද්දී.....

එදා ජන්කුක් හේලිව හොයාගෙන කැෆේ එකට ඇවිත් අදට අවුරුදු දෙකක් ඉක්මිලා... ඊයේ දවස තමයි හේලිගේ ජීවිතේ ලස්සනම දවස.... සුන්දර නවසීලන්තේ කදු අතර ඉදිවුණු පල්ලියක සිද්ධවුන විවාහයෙන් පස්සේ,  මලින් සැරසුණු මිටියාවතක පැවතුන morning wedding function එකෙන් පස්සේ හේලි ජන්කුක් එක්ක ආපහු හන්ගුක් එන්න පිටත් වුනා....

ජන්කුක් ට ඕන වුනේ හේලි එක්ක ටික දවසක් ලස්සන රටක ගෙවන්න වුනත්,  හේලීට ඕන වුනේ ජන්කුක් ගේ අත්තම්මා ගේ ලයිට් හවුස් එකේ 1st night එක ගෙවන්න.... ඒ ලස්සන මතකේ, ජන්කුක් ආදරෙයි කියපු දවස ආපහු මතක් කරගන්න....

හේලීට කාලේක ඉදලම ආපහු හන්ගුක්වලට ඇවිත් යන්න ඕන වුනත්,  ජන්කුක් වෙඩින් එකෙන් පස්සේ යමු කිව්ව නිසාත්,  හැමදේම දැනගත්තට පස්සේ ජින් නාරාට සමාවක් නොදෙන්න තීරනය කරපු නිසත්,  ජින් නාරාට සමාව දෙනකන් තමන් විවාහ වෙන්නේ නෑ කියලා ජන්කුක් හිතුවක්කාර වුන නිසත්,  ජන්කුක් තරමටම ජිනුත් හිතුවක්කාර නිසත් දවසින් දවස වෙඩින් එක කල් ගියා....

ඒත් අන්තිමේදී  හැමදේම අතෑරලා නාරා පුංචි ජීනූව ජින් ට භාර දීල හැමෝගෙන්ම වෙන් වෙලා ඈතකට  යන්න ගත්ත තීරනේ එක්ක ජින්ගේ හිතුවක්කාර කම් දියවෙලා යන්න ගියේ පුංචි ජීනුට ඔම්මා අප්පා දෙන්නගෙම උනුසුම ලං කරලා....

"මොනවද මගේ ලස්සන බ්රයිඩ් කල්පනා කරන්නේ!!!"

පිය ගැටෙන හඩ නැවතිලා මොහොතකින්,  ඉනවටේ පැටලුන උනුසුම් අත් දෙක වගේම ජන්කුක් ගේ මත් වුන හීන් කටහඩ කන් පෙත්තකට උඩින් දැනෙන කොට හේලි ඇකිලිලා තවත් ටිකක් ජන්කුක් ගේ පපුවට ගුලි වුනා....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now