11🖤Friends🤙🖤

1.4K 331 99
                                    

තට්ටු 142කින් යුක්ත වුන සුවිසල් ජියොන් ගොඩනැගිල්ලේ ඉහලම මහලේ උස් වීදුරු ජනේලේ ඉස්සරහ හිටගෙන කලිසම් සාක්කු දෙකට අත්දෙක දාගෙන ජන්කුක් හිටියේ උදේ ඉර එලියෙන් නෑවිලා තියන කලබල සෝල් නගරේ ගොඩනැගිලි දිහා බලාගෙන ලොකු කල්පනාවක.....

ජන්කුක් හේලිගේ හිත දිනාගන්න වෙන් කරල තිබුනේ සති දෙකක් විතරයි,  ඒත් දැනටමත් දවස් හතරක් ගෙවිලා ගිහින් තිබුනා...ආදරේ කරනවා කියන්න තියා එක දිගට  තමන් එක්ක වචන කීපයක් කථා කරන්නවත් හේලිට උවමනාවක් නෑ කියලා හිතෙද්දී ජන්කුක් කලේ තදින් යටි තොල හපාගෙන අතකින් නලල තෙරප ගත්ත එක....

කලබල වෙලා හැමදේම අවුල් කරගන්න එපා කියලා ජිමින් හැමතිස්සෙම කිව්වත් ජන්කුක්ට ජිමින්ගේ මේ හෙමින් යන ගමන ඇති වෙලා තිබුනා...ඕනවටත් වඩා ආචාරශීලී වෙන එක... අහස ගැන හඳ ගැන රටේ නැති විකාර දොඩවන එක ජන්කුක් ගේ හුස්ම හිර කරලා දැම්මා.....

"සැලී... සයින් කරන්න මොනවා හරි තියෙනවා නම් මෙන්ෂන් එකට එවන්න... මිස්ටර් චෝයි මීටීන්ස් ටික හැන්ඩ්ල් කරයි එයාට ස්පෝර්ට් කරන්න.... මං දැන්ම ආපහු යනවා...."

ජන්කුක් ගේ සෙකට්රි සැලී ගල්ගැහිලා phone එක කනේ තියාගෙන හිටගෙන ඉද්දී එහෙම කියපු ජන්කුක් phone එක පැත්තකින් තියලා ටේබල් එකෙන් නැගිටින කොට දුවගෙන ආපු සැලී ජන්කුක්ගේ ලැප් එකයි බ්ලේසර්  එකයි අතට අරගන්න කොට, වොලට් එකයි පර්ස් එකයි සාක්කුවේ දාගත්ත ජන්කුක් ඔෆිස් රූම් එකෙන් එලියට ඇවිත් elavater එකට ගොඩවුනා....

ටිකක් වෙලා ඉදලා ඔරලෝසුව දිහා බලලා සැලී දිහාවට හැරුන ජන්කුක්, 

"සැලී elavater එකේ යන්න බය නැද්ද?"

කියලා අහනකොට, සැලී ඇස් ලොකු කරගෙන පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා... ඔෆීෂියල් දේකට වත් සුහදව කතා නොකරන CEO ජියොන්,  සැලීගෙන් Elavater එකේ යන්න බයයි ද කියලා අහනකොට සැලීට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා....

"අ අනී ස් සර්,  elavater එකේ යන්න බය වෙන අය ඉන්නවද?"

"ආහ්  මං දන්න කෙනෙක් ඉන්නවා!"

මේ වතාවේ සැලීට හාට් ඇටෑක් එකක් එන්න සලස්වලා බිම බලාගෙන ලස්සනට හිනා වෙලා ජන්කුක් කිව්වා....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now