17🖤Strong Haily🖤

1.3K 313 27
                                    

ජීවිතේ ගැන අනාගතේ ගැන මවපු හීන කන්දම නොහිතපු මොහොතක ඇස් ඉස්සරහ කඩාගෙන වැටුනම කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව මිනිස්සු බිදුන සිතුවිලි අතරේ මොහොතකට අතරමං වෙනවා.. හේලිත් මුලු රෑම නිදි නැතිව සිතුවිලි අතරේ අතරමං වෙලා හිටියා....
ඒත් අන්තිමට... අන්තිමට හේලි තීරණයක් අරගත්තා.... ඒ තීරනේ හිත රිද්දනවා වුනත් කාලේක ඉදලා කරන්න බලාගෙන හිටපු,  ඒත් කවදාවත්ම කරගන්න පුලුවන් වෙයි කියලා නොහිතපු දේ කරන්න අත ලගටම ආපු අවස්ථාව මග නොහැර ගන්න හේලී තීරණය කලා....

එතකොට හේලිගේ බිදුන හිත!!!

ජන්කුක් ගේ උරහිසට ඔලුව තියාගෙන කල්පනා කර කර හිටපු හේලිගේ ඇස් කොනින් වැටුණු උනුසුම් කදුලු බිංදුව ජන්කුක් ගේ පපුවට වැටිලා ගලාගෙන යද්දි ඇස් තද කරලා පියා ගත්ත ජන්කුක් හේලිගේ උරහිස වටේ තිබුණ අත තව ටිකක් තද කලා.....

තවත් මොහොතකින් උනුසුම් හුස්ම පොදක් එක්ක ජන්කුක්ගේ තොල් ඔලුවට මෘදු හාදු තියන කොට හේලි ඇස් තද කරලා පියා ගෙන කදුලු මිරිකලා ඇරියා.... ජන්කුක් ගේ මේ ආදරනීය හැසිරීම් මොහොතකට හේලීව දෙලොවක් අතර හිර කරනවා....මේක හීනයක් නම්  හේලිට ඕන මේ හීනෙන් ඇහැරෙන්නේ නැතුව ඉන්න....ඒත් මේක හීනයක් නොවෙන බව හේලී දන්නවා...

සමාජේ ගැන ලොකු අවබෝධයක් නොතිබුනාට මිනිස්සුන්ගේ මේ දෙබිඩි හැසිරීම ගැන අත්දැකීම් හේලි ඕනවටත් වඩා විදලා තිබුනා...ඒ නිසාම හේලිට ඒ ගැන ලොකු අවබෝධයක් තිබුනා....ඉස්සරම දවස් වල අප්පා හොදින් හිටපු කාලේ පුංචි හේලිගේ කන රතු වෙන්නම මිරිකලා දාන කුඩම්මා ඊලග තත්පරේ අප්පා ඉස්සරහ හේලිව ගොඩක් ආදරෙන් හුරතල් කරනවා.... මේ වෙලාවේ ජන්කුක් ගෙයි කුඩම්මාගෙයි කිසිම වෙනසක් හේලිට පෙනුනේ නෑ.... ජන්කුක් වගේම කුඩම්මා කලේත් තමන්ගේ අරමුනට යන්න හේලිව පාවිච්චි කරපු එක විතරයි....

ඒත් ඒක ඇත්තටම එහෙමද???? හේලිට පුලුවන් වුනා නම් ජන්කුක් ගේ හිත ඇතුලට රින්ගලා බලන්න!!! සීතල බනී කුකී  කාටත් නොකියා හිත අස්සේ හංගන් ඉන්න රහස් එකින් එක කියවන්න තිබුනා.....

"හේලී කුකී ආදරෙයි!!"

ආපු වෙලාවේ ඉදලා ගනන් කරන්න බැරි තරම් වාර ගණනක් ජන්කුක් හේලිට කියපු එකම වචන ටික... ඉතින් හේලිට තාමත් හිතාගන්න බෑ ජන්කුක් කරන්නේ රැවටීමක් කියලා... ඒත් ඇස් දෙකට පෙනුන කන්දෙකට ඇහුන දේවල් ඒවා බොරු නොවෙන බව හේලී දන්නවා...

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now