02🖤 කන්ග් මැදුරේදී 🖤

1.6K 348 25
                                    

එක පෙලට ඉස්සරහට ඇදුන වාහන පේලිය කන්ග් මන්දිරයේ උස් ගේට්ටු පියන් අතරින් ඇතුලට ඇවිත් නැවතෙන කොට ,අතේ තිබුන ටැබ් එක සීට් එකට විසි කරලා දාපු ජන්කුක්, සීට් එක යට secret locker එකෙන් ගත්ත ගන් එක බ්ලේසර් එක උස්සලා ඉනේ රදවගන්න කොට, පීටර් බැහැලා ජන්කුක් ගේ පැත්තේ දොර ඇරියා....

එහෙමම වාහනෙන් බිමට බැහැලා තොල් තද කරගත්ත ජන්කුක් ඉස්සරහ බලද්දි, ඉස්සරහ තිබුන වාහනෙන් පිලිවෙලින් නම්ජූන්, ජින් බහිද්දී, පිටිපස්සෙන් තිබුන කා එකෙන් හේසෝක් බිමට බැස්සා...

ජියොන් නම්ජූන්, කොරියාවේ ලාබාලතම අගමැති... ලොකේ මිනිස්සු දන්න විදියට ජන්කුක් ගේ සහෝදරයා!!!
ජියොන් නම්ජූන්, ජියොන් සියොක්ජින්,ජියොන් යුන්ගි, ජියොන් හේසෝක්, ජියොන් ජිමින්,ජියොන් තේහයුන්, ජියොන් ජන්කුක් ගේ සහෝදරයෝ හය දෙනා!!!! අතිසාර්ථක ගමනක් යන සහෝදරයෝ හත් දෙනෙක්, ලෝකයා දන්න විදිහට......

ඇත්තටම මේ සහෝදර බැදීම ඇතුලේ තිබුනේ වෙනස් ම කථාවක්.... ජන්කුක් ඇරෙන්න අනිත් කොල්ලො හය දෙනාම ජන්කුක් ගේ අප්පා මිස්ටර් ජියොන් ට මුන ගැහුන අනාථ දරුවෝ.... ලෝයර් කෙනෙක් වුන ජන්කුක් ගේ අප්පා උසාවිය ඇතුලේ නොයෙකුත් කාරනා නිසා අසරණ වුන දෙමව්පියෝ අහිමි වුන දරුවෝ තමන්ගේ පෞද්ගලික වියදමින් ඉදිකරපු ඕපනේජ් එකක උස් මහත් කලා...ඒ වගේම කාත් කවුරුවත් නැති අනාථ දරුවන්ට තමන්ගේ දරුවට වගේම තමන්ගේ පෙලපත් නාමය දෙන්නත් මිස්ටර් ජියොන් පසුබට වුනේ නෑ....

උවමනාවෙන් තොරතුරු හොයන කෙනෙක් ට නම් මේ වෙනකොට රටේ ප්‍රධානතම ආයතන හැම එකකම වගේ මුල් පුටුවක ජියොන් පෙලපත් නාමය තියන කෙනෙක් ඉන්නවා කියන එක හොයාගන්න වැඩි වෙහෙසක් දරන්න ඕන වෙන්නේ නෑ...ඒ තමයි පක්ෂපාතිත්වය...

කා එකෙන් බැහැලා නම්ජූන් දිහාවට බැල්මක් පා කරපු ජන්කුක් නම්ජූන් ගේ පිටිපස්සේන් ම කන්ග් මන්දිරය ඇතුලට ඇවිදගෙන යද්දී, මිසිස් කන්ග් අමුත්තන්ව සාදරයෙන් පිළිගත්තා...

වයසට වඩා තරුන පෙනුමක් ආරූඪ කරගෙන හිටපු මිසිස් කන්ග් ගේ මූන පුරා සතුට උතුරලා පිටාර ගැලුවා...මනාව නඩත්තු කරන සිහින් සිරුරකට හිමිකම් කියපු මිසිස් කන්ග් බ්රෑන්ඩඩ් බ්ලැක් කලර් threequater dressඑකක් ඇදලා තමන්ගේ අගනා ම දියමන්ති මාලය පැලදගෙන හිටියා...මූනේ තිබුන රැලි මේකප් තට්ටුවකින් ආවරනය කරලා dark red lip colour එකක් apply කරලා හිටපු මිසිස් කන්ග් දිහා බලලා ආචාර කරපු නම්ජූන් වාඩි වෙනකොට හේසෝක් ටයි ජින්ටයි අතරින් වාඩි වුන ජන්කුක් ජින්ගේ කනට කරලා,

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now