🖤අහිංසක කුකී 🖤10

1.4K 330 77
                                    

විසල් ජියොන් මන්දිරේට ඉහල අහස පුරා ඉහිරිලා තිබුනේ ලා රත් පැහැයක්.... සුන්දර ගිම්හාන සෘතුවේ අවසාන දවස් කීපය ගෙවිලා යමින් තිබුන නිසාම ඉක්මනින් ඉර බැහැලා ගියා වගේම පරිසරය පුරා සියුම් සීතලක් පැතිරිලා තිබුනා....

හේලි හිටියේ ජියොන් මැදුරේ හේලිට වෙන්වුන කාමරේ ජනේලෙන් පිටත බලාගෙන..... පරිසරය!!!! හේලී ජීවිතේ ඉගෙන ගත්තේ පරිසරය එක්ක...ගෙදර හිටපු සේවකයො ඇරුන කොට හේලී මිනිස්සුන්ට කියලා ආශ්‍රය කලේ ගරා වැටුනු කඩ කාමරේ හිටපු අත්තම්මා ව විතරයි.... ඒ ඇරුනු කොට හේලීගේ දවස ගෙවිලා ගියේ කන්ග් මන්දිරේ ට පහල මිටියාවතේ ඉබාගාතේ ඇවිදින ගමන්, එහෙමත් නැත්නම් උස ගහක් පාමුල අත පය දිගෑරලා නිදාගෙන පාවෙලා යන වලාකුළු දිහා ඔහේ බලාගෙන ඉන්න ගමන්......

හේලිට අමුත්තක් දැනුනා... මුලු දවසම ගේ ඇතුලට වෙලා ඉන්න... ලස්සන ම ලස්සන අලුත් ඇදුම් අදින්න... ජනේලෙන් විතරක් අහස දිහා බලන්න...හරියට අප්පා ඉන්න දවස් වල වගේ....හරියට ඔම්මා ඉන්න දවස් වල වගේ...අමුත්තක් වුනත් හේලි මේ ගෙවෙන දවස් වලට ආසයි... තමන්ගේ පුංචි සහෝදරයෝ තුන් දෙනා ව ආදරෙන් බලාගන්න හැන්ඩ්සම්  ඔප්පා!! ඔහ් එයා එහෙමයි හේලිට එයාව අදුන්වලා දුන්නේ..... හැන්ඩ්සම් ඔප්පා හරියට ඔම්මා කෙනෙක් වගේ කියලයි හේලිට හිතුනේ....

"හැන්ඩ්සම් ඔප්පා!!!!"

හේලිගේ මූනේ හිනාවක් ඇදුනේ හේලි ජින්ට හැන්ඩ්සම් ඔප්පා කියන කොට ඇස් ලොකු කරගෙන කටවල් ඇද කරගෙන ටේමින් දෙන්නා ඒකම රිපීට් කරපු හැටි මතක් වෙලා...

"මොකෝ තනියම හිනාවෙන්නේ බෝයි ෆ්‍රෙන්ඩ්ව මතක් වුනාද?"

මූනේ හිනාව එහෙමම තියාගෙන හේලි දොර දිහා බැලුවේ දොර ලගින් ඇහුන කටහඩට...

"ආ??"

"මං ඇතුලට එන්නද?"

ජිමින් දීපු උපදෙස් අකුරටම පිළිපදින ගමන් ජන්කුක් ඕනවටත් වඩා ආචාරශීලී විදියට අහන කොට හේලී ජන්කුක් ට හිනාවකින් උත්තර දුන්නා....

අත් දෙක පිටිපස්සට කරගෙන හෙමින් අඩි තියලා හේලිගේ කාමරේ ඇතුලට ආපු ජන්කුක් කාමරේ මැද හිටගෙන, ජිමින් රගපාලා පෙන්නපු විදිය ආයේමත් මතක් කරගත්තා... හේලිගේ හිත දිනාගැනීමේ මෙහෙයුමේ ජන්කුක් ගේ උපදේශක තනතුරේ වැඩ කලේ ජිමින්....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant