01🖤හමුව 🖤

2.5K 375 23
                                    

වෙලාව පාන්දර දෙක පහුවෙලා විනාඩි කීපයක් වෙලා තිබුනා....හතරවටින්ම ඝන කැලෑවෙන් වට වුනු ගරාවැටෙමින් තිබුන පරන ගොඩනැගිල්ල කෙලවරේ අදුරු මුල්ලක නවත්තලා තිබුනේ කලුපාට ජීප් එකක්.....

කැලේටම වෙන්වෙලා තිබුන ඈතට විහිදුනු මිටියාවත පුරාම තැනින් තැන අදුරු සෙවනැලි මතු වෙලා තිබුන,  සැරෙන් සැරේට හමන මද සුලගට උසට වැඩුනු තණපදුරු වල සිරි සිරි සද්දේ ඇරෙන්න රාත්‍රි කාලයේ පපාලු නිහැඩියාව බිදිලා ගියේ සැරෙන් සැරේට ඈත ඝන කැලෑවෙන් ඇහුන නිශාචර සතෙකුගේ හඩින් විතරමයි....

ඒත්.....
හදිසියේම පාන්දර දෙක පහුවෙලා විනාඩි කීපයක් වෙනකොට හාත්පස රජකරපු නිහැඩියාව වෙනුවට කැලෑවට ම ඇරිලා තිබුන අදුරු මිටියාවතම මොහොතකට භීතියෙන් හිරිවැටිලා ගියේ පලාතම දෙදුරුම් කන්න ඇහූන මරණීය විලාපයක හඩින්!!!

ඊට මොහොතකට පස්සේ ගරාවැටුණු ගොඩනැගිල්ලෙන් මෑත් වුනු අදුරු ඡායාවක් කිසිම හඩක් නොනැගෙන්න එලියට ඇවිත්,  අදුරු මුල්ලේ තිබුන ජීප් එක පනගන්වලා අදුරු කැලෑව දිගේ  ඉස්සරහට ධාවනය කලේ අදුර මැද්දේ වුනත් කිසිම ගැස්මක් නැතුව.....

තවත් ටික වෙලාවකින් උස් තාප්පේකින් වටවුන සුවිසල් ජියොන් මන්දිරයේ පිටුපස පිවිසුමෙන් ඇතුල් වුන ජීප් එකෙන්  බිමට පැනපු කොල්ලෙක් මෙන්ෂන් එක ඇතුලට ඇවිදගෙන ගියා....

දාඩියට තෙත් වෙලා නලලට ම ඇලිලා  තිබුන තරමක් දිග රැලි කොන්ඩේ වගේම   දාඩිය බිංදු ඉහිරුන ඉහිරුන මූන පුරා ම තිබුනේ භයානක  පෙනුමක්,  අතේ තිබුන කී එක උඩ දාලා අල්ලන ගමන් කට කොනකට evil හිනාවක් අරගත්ත කොල්ලා බිම බලාගෙන ම මෙන්ෂන් එකේ තරමක් විශාල ශාලාව හරහා ඇවිදගෙන ගියා....

"Congratulations මිස්ටර් ජියොන්!!"

තනි සුදු පාට සැප පහසු කවුච් එකේ වාඩි වෙලා කකුල් දෙක උඩ අත් දෙකේ වැලමිටි තියාගෙන ඉස්සරහට නැවිලා හිටපු කෙනා කියද්දී යන ගමන අතරමග නවත්තපු කොල්ලා ආපිට හැරුනා....

"හෙයොන්ග්!! කොයි වෙලාවෙද ආවේ!!"

"ම්හ් උබ කවදද ජන්කුකා කවුරුහරි කියන දෙයක් කනකට ගන්නේ ආ"

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now