16🖤What's going on...🖤

1.4K 306 51
                                    

වරුවක් තිස්සේ ටේ මින් කුක් තුන්දෙනා ජින්ගේ රූම් එකේ දොරට ඇලිලා කන තියාගෙන හිටියේ ජින් ගෙයි නම්ජූන් ගෙයි බහින් බස් වීම අහගෙන....

කලින් දවසේ රෑ තද වැස්සත් එක්ක ආපහු එන්න පුලුවන් කමක් තිබුනේ නැති නිසා ජන්කුක් හේලිත් එක්ක මෙන්ෂන් එකට ආවේ උදේ ජෝන් එක්කමයි...ජන්කුක් මෙන්ෂන් එකට ආපු ගමන් බේස්මන්ට් එකට යන්න ගියත් නම්ජූන් ගේ පෞද්ගලික ආරක්ෂකයා රුබී ජන්කුක් ව නැවැත්තුවා.... රුබී දොර ගාව ඉන්නවා කියන එකේ තේරුම නම්ජූන් ඇතුලේ ඉන්නවා කියන එක කියලා ජන්කුක් අත්දැකීමෙන් දැනගෙන හිටියා....

"කොච්චර වෙලාද?"

ඉස්සරහට තියපු අඩිය පස්සට අරගෙන තොල කොනක් හපන ගමන් ජන්කුක් බිම බලාගෙන රුබීගෙන් ඇහුවා....

"පැය පහක් විතර බනී බොස්!!"

රූබී හෙමින් උත්තර දෙනකොට, මොකුත් නොකියාම ඔලුව වනපු ජන්කුක් එතනින් එන්න ආවා.. ලේසියෙන් තරහා නොගන්න නම්ජූන් තරහා ගත්තම පාලනය කරන්න කාටවත්ම බැරි බව ජන්කුක් දන්නවා... හේතුවක් නැතිව තරහා නොගන්න ජූන් තරහා ගන්නේ දරන්නම බැරි දේකට වගේම ඒ තරහා ට යටවෙන කෙනා ගැන  ආයේ නොහිතා ඉන්න එක හොදයි කියලත් ජන්කුක් දන්නවා....

"හෙයොන්ග් ට තරහා ගිහින්!! එයාගේ කුකීට රිද්දන්න හදපු අය එක්ක!!"

කට උල් කරගෙන ආඩම්බර හිනාවක් මූනේ රදවගෙන ජන්කුක් හෙමින් තමන්ටම මුමුන ගත්තා... ඊලගට වටපිට බලලා හිනාව හංග ගත්ත ජන්කුක් එහෙමම රූම් එකට ගියා.... වොෂ් එකක් අරගෙන පොඩ්ඩක් නිදාගත්ත ජන්කුක් ඇහැරුනේ මහ සද්දෙට මොනවා හරි පෙරලිලා යන සද්දයක් ඇහෙන කොට....

ටිකක් වෙලා කන්දීලා නිදිමතේම රූම් එකෙන් එලියට එද්දියි ජින් ගේ රූම් එක ඉස්සරහ හිටගෙන ඉන්න ටේමින් ජෝඩුව ජන්කුක් ට මුන ගැහුනේ....

ජන්කුක් ටේගෙන් ඇයි කියලා ඇහුවේ ඔලුවෙන්,  සද්ද කරන් එපා කියලා ඉගියෙන්ම ජන්කුක් ට කියපු ටේ තව ටිකක් දොරට කන අලවගන්න කොට ජන්කුක් ත් ටේව අනුගමනය කලා....කථා කරන සද්දේ ඇහුනත්  කියන දේවල් අපැහැදිලි වෙන කොට කොල්ලෝ තුන්දෙනාගේ සම්පූර්ණ අවදානේම තිබුනේ ඇතුලෙන් ඇහෙන කථාවට....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now