18🖤හේලීට මොකද වුනේ ?🖤

1.4K 322 50
                                    

"යාහ් ඉඩියට්ස් කවදාවත් කියපු දෙයක් හරියට කලේ නෑ ෂිට්!!"

ලග තිබුන වාස් එකකටත් පයින් ගහලා ජන්කුක් අඩි පොලවේ හප්පන කොට, ජන්කුක් ගේ ඉස්සරහ හිටගෙන හිටපු ජෝන් වගේම ජෝන්ගේ එහා පැත්තේ හිටපු සේවකයත් කලේ බිම බලාගෙන සද්ද නොකර හිටපු එක....

"මං තමුන්ට දවසක් දෙන්නම්,  හරියටම පැය විසි හතරක්,  ඒ පැය විසි හතර ඇතුලත කෙල්ලට මොකද වුනේ කියලා හොයාගන්න බැරි වුනොත්....."

සේවකයා දිහාවට ඇගිල්ල දික් කරලා කියපු ජන්කුක්,

"ලෑස්ති වෙයන් බාම්ගේ ඩිනර් එක වෙන්න!! හරියට වැඩ කරන්න බැරි වුන්ගෙන් මට වැඩක් නෑ!!!"

ජෝන් මෙච්චර වෙලා අතේ තියාගෙන හිටපු සේවකයා අරගෙන ආපු ෆයිල් එක ඇදලා අරගන්න ගමන් කියපු ජන්කුක්, තමන්ගේ සම්පූර්ණ අවදානේම ෆයිල් එකට යොමු කලා....

                                ~•~

"මොකද්ද කුක් ප්රශ්නේ!!! තමුන් අපිට එන්න කිව්වේ වාඩි වෙලා මූනෙන් මූන බලාගෙන ඉන්නද?"

එක අතක් කම්මුලට තියාගෙන අනිත් අත දිගෑරලා වොච් එක දිහා බලලා යුන්ගි කිව්වේ, දැන් විනාඩි විස්සක් තිස්සේ මේසෙට අත් දෙක තියාගෙන කල්පනා කරන ජන්කුක් දිහා නිදිමත ඇස් වලින් බලන ගමන්....

"හෙයොන්ග්!! ඉස්සරලා මේක බලලා ඉන්න!!"

අත ලග තිබුන කලු පාට ෆයිල් එක මේසේ දිගේ  යුන්ගි  දිහාවට තල්ලු කරපු ජන්කුක් අතේ මහපට ඇගිල්ලේ නියපොත්ත   දත් වලින් හපන ගමන් මේසෙට වැලමිට තද කරගද්දී, ෆයිල් එක දිගෑරපු යුන්ගි දිහා හැමෝම කුතුහලෙන් බලාගෙන හිටියා....

යුන්ගිගේ නිදිබර ඒත් විමසිලිමත් ඇස් ෆයිල් එක ඇතුලේ තිබුන එකින් එක ඩොකියුමන්ට්ස් අතරේ සුපරික්ෂාකාරී විදියට එහා මෙහා යද්දී, යුන්ගි ඩොකියුමන්ට් එකේ තැනකට ඇගිල්ල තියලා හේසෝක් දිහා  බැලුවා....

"උම් මේක දැනට භාවිතය නවත්තලා තියන අධි ක්රියා කාරී ඩ්රග් එකක්... මේක දෙන්නේ දරුනු මානසික කම්පනයක් ඇති වුන කෙනෙකුට ඒකත් බොහොම සුලු ප්‍රමාණයක්.... මේකෙන් වෙන්නේ කෙනෙකුගේ කෙටි කාලීන මතකය අමතක කරලා දාන එක,  ඒ කියන්නේ මීට ටික වෙලාවකට කලින් කරපු දේ අමතක කරලා දාන එක, සරලව කිව්වොත්!!! ඕක එක දිගට පාවිච්චි කලොත් එහෙම හාට් එකේ වැල්ව් බ්ලොක් වෙලා හදිසි හෘදයාබාධයක් හැදිලා මැරෙන්න වුනත් පුලුවන්, එහෙම නැත්තම් පැරලයිස් වෙන්න වුනත්"

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now