06🖤සෙල්ලම 🖤

1.3K 334 42
                                    

ටිකක් වෙලා නිසොල්මනේ ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටපු ජන්කුක් කෙල්ලගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා හොල්ලලා සද්දක් නැති තැන කෙල්ලගේ අත් දෙක ගැටගහල තිබුන ගැටේ ලෙහලා දාලා කකුල් දෙක ලගට පාත් වුනේ කෙල්ලගේ කකුල් දෙකත් ලෙහලා දාන්න හිතාගෙන.....

ඒත් සිද්ධ වුනේ ජන්කුක් හීනෙන් වත් නොහිතපු දෙයක්... සිද්ධ වුනේ මොකක්ද තමන් කොහෙද ඉන්නේ කියලා කිසිම අදහසක් නොතිබුන හේලි හිටියේ හොදටම හෙම්බත් වෙලා....වාහනේ එද්දි දිගටම දගලලා කලබල කරද්දි ජෙෆ් ගෙන් අතපුරවලා ලැබුන කම්මුල් පාරට තවදුරටත් දගලලා ගැලවීමක් නෑ කියලා තේරුන නිසාම හේලි සද්ද නැතුව ඉන්න තිරනය කලා.....

වාහනේ නැවතිලා ටිකකින් තමන්ව සුවපහසු යමක් උඩට අතෑරලා ආපු උදවිය යන්න ගිය බව දැනුනත් ඊලගට කවුරු හරි කෙනෙක් කම්මුල් වලින් අල්ලලා හෝල්ලද්දී හේලි එහෙමම හිටියා... ඊලගට හේලිට දැනුනා කවුරු හරි කෙනෙක් තමන්ගේ අත් දෙක නිදහස් කරනව...අත් දෙක නිදහස් කරපු කෙනා කකුල් දෙක ලගට පාත් වෙනවත් එක්කම ගැටගහල තිබුන කකුල් දෙක එකතු කරලා තද පාරක් ගහපු කෙල්ල එහෙමම ඇස් දෙක ලිහන ගමන් ඇදේ වාඩි වුනා......

"යාහ් ආයිෂ්.....තමුන් ට මම......හ්......!!!"

අනපේක්ෂිත පයින් පාර නිසා බැලන්ස් නැති වුන ජන්කුක් වීසි වෙලා ගිහින් බිම ඉන්දවෙනකොට  කෙල්ල දනිපනි ගාලා කකුල් දෙක බාගෙට ලෙහාගෙන ඇද උඩ හිට ගත්තා.....

"බ් බ බ බයිසිකල් භූතයා!!!"

"යාහ් බග්  බග් ගාන්නේ තියනවා ඔලුව කුඩු වෙන්න!!!"

ඉනේ තිබුන ගන් එක ඇදලා ගත්ත ජන්කුක් හිටගෙන ඉන්න කෙල්ලගේ ඔලුවට ගන් එක තද කරලා කෑ ගැහුවේ වැටුන පාරට ඔලුව වැදුන එක රිදුන නිසාම ඇති වුන කේන්තියෙන්....

ගන් එක ඔලුවට තද වෙනවත් එක්කම ගැස්සුන කෙල්ලගේ කකුලේ පැටලිලා තිබුන ලනුව නිසා බැලන්ස් නැති වුන හේලි එහෙමම ජන්කුක් ගේ ඇග උඩට වැටෙන කොට ආපහු සැරයක් ජන්කුක් හේලිත් එක්කම බිම පෙරලිලා ගියේ "තඩ්"ගාන සද්දෙකුත් එක්ක සයිඩ් ටේබල් එකේ තිබුන නයිට් ලෑම්ප් එකත් පෙරලගෙන..

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now