19🖤හැමදේම හොදින් ද🖤

1.4K 317 76
                                    

නීති විරෝධී ඖෂධ ලග තබා ගැනීම, ඒ මාර්ගයෙන් මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කිරීම, අවුරුදු කීපයක් එක දිගට වෙනත් අයෙකුගේ දේපල සහ මුදල් නීති විරෝධී ලෙස භාවිත කිරීම යන වැරදි කීපයකටම එව්ලින් කන්ග් ට මරන දඩුවම හිමි වුනේ, නීති විරෝධී ව රැස් කරපු හැම දෙයක්ම රාජ සන්තක වෙද්දි....

යුන්ගි අනුමාන කරපු විදියට ම එව්ලින්ගේ පලවෙනි ගොදුර වෙලා තිබුනේ හේලිගේ ඔම්මා!!! මනස ව්‍යාකූල කරවන මත් පෙත්තක අධි මාත්රාවක් හේලිගේ ඔම්මට දීලා රාත්‍රී සාදයක් අවසානයේ හේලීගේ ඔම්මව වාහනේන් තනියම පිටත් කලේ තමන් කියලා එව්ලින් පාපොච්චාරණය කලා...

ඒ වගේම දෛවයේ අහඹුවකින් පාසල් මිතුරියන් වුන හේලිගේ ඔම්මා වගේම ජන්කුක් ගේ ඔම්මා ගේ මිතුරු කම නිසාත්, හේලිගේ අප්පගේ ඉල්ලීම නිසත් එවකට කීර්තිමත් නීතිඥවරයෙක් වුන ජන්කුක් ගේ අප්පා මිස්ටර් ජියොන් හේලිගේ ඔම්මගේ මරනේ ගැන දිගින් දිගටම කරුනු හොයන්න පොලිසියට සහය දෙනවා...., හේලිගේ ඔම්මා සාමාන්‍යයෙන් රියදුරු නැති අවස්ථාවක ඇල්කොහොල් පාවිච්චි නොකරන බව මිස්ටර් කන්ග් එකහෙලා ම කියද්දී දිගින් දිගටම සාක්ෂි පදනම් කරගෙන නඩුව ඉස්සරහට අරගෙන ආපු මිස්ටර් ජියොන් මෘත දේහය නැවත වරක් පරීක්ණ සදහා යොමු කරන්න අවසර ඉල්ලනවා ....

ඒ වෙනකොට රජයේ ප්‍රසිද්ධ අමාත්‍යවරෙයෙකුට විරුද්ධව ගොනු වෙලා තිබුන දූෂන නඩුවක ප්‍රබල සාක්ෂි කිහිපයක් තිබුනේ මිස්ටර් ජියොන් සන්තකයේ.... ඒත් හිටි හැටියේ සාක්ෂි සේරම අතුරදන් වෙලා යන්නේ මිස්ටර් ජියොන් ගේ බැංකු ගිණුමට විශාල මුදලක් බැර වෙනකොට.....

සාක්ෂි වලට සිද්ධ වුන දෙයක් මිස්ටර් ජියොන් ට හිතාගන්න බැරි වෙනකොට, මුදලට සාක්ෂි අස්ථාන ගත කලා කියන චෝදනාව මිස්ටර් ජියොන් ට එල්ල වෙනවා..... ඒත්....බුද්ධිමත් මිස්ටර් ජියොන් පැටලුන නූල් බෝලේ කොනක් විදියට තමන්ගේ කාර්යාලේ ඉස්සරහා ඉන්න යාචකයා කියපු තමන්ව මුන ගැහෙන්න ආපු තරුණ කාන්තාව ගැන තොරතුරු හොයන්න උත්සුක වෙන්නේ, එහෙම කෙනෙක් ආව බවට අංශු මාත්‍ර මතකයක් වත් තමන්ට නැති එක ගැන හිතේ ඇතිවුන සැකෙත් එක්ක....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now