21🖤After3 years..🖤.

1.3K 300 21
                                    

Arrow town කියන්නේ සුන්දර නවසීලන්තේ සංචාරක ආකර්ෂණය වැඩියෙන් දිනාගත්ත පළාතක්....හිම වැටෙන එක නැවතිලා තිබුනත් ගෙවෙමින් තිබුනේ ශීත සෘතුවේ අවසාන සති කීපය නිසාම ඈත කදු මුදුන් වල තාමත් සුදු පාටින් දිලිසෙන හිම දකින්න ලැබුනා.....

පෙලට තිබුන පැරනි ගෘහ නිර්මාණ ශිල්පයකට අයත් කඩවීදී තාමත් පාලුවට ගිහින් තිබුනේ වෙලාව යන්තම් පාන්දර හය පහු වුනා විතරක් නිසා.... පාන්දර ඉර එලිය කදු මුදුන් වලින් මුලු අහසම රන් පැහැයකට හරවගෙන පායගෙන එමින් තිබුනා.... හදිසියේම පාලු කඩවීදියේ තිබුන කැෆේ එකක හැඩ ගත්ත කඩ කාමරේ වීදුරු දොර ඇරගෙන එලියට ආවේ දුබුරු පාට කෙටි කොන්ඩයක් තිබුන ගෑනු ළමයෙක්....අතේ තිබුන ගාබේජ් බෑග් එක එලියෙන් තියලා එතනම ඉස්සරහ වීදියෙන් එහා පැත්තේ පරන පොත් වගයක් අහුරන ගමන් හිටපු වයසක මනුස්සයාට සුබ උදෑසනක් පතපු කෙල්ල ආපහු ඇතුලට ගිහින් දොර වහගත්තා....

හන්ගුක් කැෆේ!! Arrow town වල සංචාරකයො අතරේ අවුරුදු තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත ඉක්මනින් ප්‍රසිද්ධ වුන අවන්හලක් .... රසවත් කොරියානු ආහාර පාන වලින් සමන්විත වුන අවන්හලට එන ඕනම කෙනෙකුට, දුඹුරු පාට කෙටි කොන්ඩයක් තියන අවන්හලේ සොදුරු හිමිකාරිගෙන් ලස්සන හිනාවක් නොවරදවාම ලැබුනා...

"ඔහ් අත්තම්මා... මට කථා කරන්න තිබුනනේ...."

දුම් දාන කෑම භාජනයක් අමාරුවෙන් අරගෙන එන මහලු කාන්තාව අතින් බාජනේ අරගත්ත කෙල්ල කියන කොට හිනාවුන මහලු ගැහැනිය වීදුරු දොරෙන් එපිට කෙල්ල මෙච්චර වෙලා බලාගෙන හිටපු පැත්ත බැලුවා....

"පව් නේද අත්තම්මා!!! මුලු දවසම එකම පොතක් වත් විකිනුනේ නැති වුනත් මිස්ටර් ස්ටීවන් හැම උදේකම පොත් ටිකත් අරගෙන එනවා!!"

"හ්ම් ඒත් හේලියා මට එක දෙයක් තේරෙන්නේ නෑ!!! "

"මොකක්ද අත්තම්මා!!!"

" මෙච්චර කාලෙකට මුල්ම වතාවට අපි කැෆේ එක වැහුවේ ඊයේ විතරයි!!"

"ඔව් අපිට වහන්න හේතුවක් වුනේ නෑනේ අත්තම්මා! ඊයේ ඉතින් අපි කොලින් ගේ ගෙදර පාටි එකට යන්නම ඕන නිසානේ වැහුවේ!!"

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now