13🖤Date 🖤

1.2K 296 19
                                    

⛔Breaking News⛔

මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්!!
රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍ය වරයෙක් වන අමාත්‍ය දොං මින්ජේ මහතා ඝාතනයට ලක්වී තිබෙනවා... නැගෙනහිර වෙරළ දෙසට දීවෙන අතුරු මාර්ගයක තිබී ඒ මහතාගේ මලසිරුර සොයාගෙන ඇති අතර,  කලකසිට අමාත්‍ය වරයා විසින් සිදුකරගෙන ආ නීති විරෝධී කටයුතු කිහිපයක් පීලිබදවම තොරතුරු ඇතුලත් ලිපිගොනුවක් මළසිරුර අසල තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා!!
නීතිවිරෝධී කටයුත්තක් අතරවාරයේදී සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි සැක පලකරන බව පරීක්‍ෂණ භාරව කටයුතු කරන NISනිලධාරී  ජියොන් යුන්ගි මාධ්‍ය හමුවේ තොරතුරු දක්වමින් ප්‍රකාශ කර සිටියා.....

TVඑක ඉස්සරහ වාඩි වෙලා හිටපු ජන්කුක්ගෙයි ජිමින්ගෙයි ඉස්සරහින් සැන්ඩ්විච් ප්ලේට් එක සද්දෙට තියපු ජින් රිමෝට් එක අරගෙන ටීවීඑක ඕෆ්කරලා දැම්මා...

"ඔහ් හැන්ඩ්සම් ඔප්පා,,ඇයි අනේ ඕෆ් කලේ?"

ජන්කුක් සැන්ඩ්විච් එකක් අතට ගන්න කොටම කොහෙද ඉදන් ආව හේලී ඇහුවා...

"ඒකMurder එකක් ගැන නිව්ස් එකක් හේලි!! ඒවා බලන්න බෑ!! "

ජිමින් උරහිස් අකුලලා කියන කොට ජින් අත්දෙක බැදගෙන ජිමින් දිහා බලාගෙන හිටියා...

"ඉතින් ඒ අපරාධ කාරයෙක්නේ ඉතිම් මොකටද වදවෙන්නේ!!"

ජන්කුක් ඇස් රෝල් කරලා හේලි දිහා බලද්දි හේලි කිව්වා...

"අපරාධකාරයෝ මැරුනට කමක් නැද්ද එතකොට?"

තවත් සැන්ඩ්විච් එකක් අතට ගන්න ගමන් ජිමින් ඇහුවා...

"කමක් නෑ!! අපරාධකාරයෝ නිදහසේ ඉන්න හොද නෑ, මරලා දාන්න ඕන!! නැත්තන් පොලීසියට අල්ලලා දෙන්න ඕන "

ජන්කුක් ට කැස්සක් හැදෙද්දී කට තද කරගෙන කියපු හේලි, ඉක්මනින් වතුර බෝතලේ ජන්කුක් ගේ අතට දුන්නා.... කැස්ස අතරේම වතුර උගුරක් බීලා ඔලුව උස්සපු ජන්කුක් දිහා බලලා හුස්මක් පහල දාපු ජින් එතනින් නැගිටලා යද්දී හේලිත් ජින් ගේ පිටිපස්සෙන් ගියේ ජන්කුක් ජිමින් දිහාවට හැරෙද්දී....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now