14🖤game🖤

1.3K 315 28
                                    

ගෙවිලා යමින් තිබුනේ ගිම්හාන සෘතුවේ අවසාන දවස් කීපය නිසාම සීතල තැවරුණු හුලගත් එක්ක පාවෙලා ආපු අලුපාට වැහි වලාකුළු අහසේ තැනින් තැන නැවතිලා තිබුනේ වැස්සක පෙරනිමිති අගවන ගමන්....

පාලු නිහැඩියාවක ගිලිලා තිබුන සුවිසල් ජියොන් මැදුරේ දිග ජනෙල් තිර හුලගේ පැටලිලා විසිරිලා ගියේ සියුම් හඩක් නගන ගමන්.... කලින් දවසක ජන්කුක් ගෙනත් තිබුන ඇදුම් අතරේ තිබුන බ්ලැක් කලර් කාගෝ පෑන්ට් එකකට ලයිට් බ්ලූ කලර් ඕවර් සයිස්ඩ් ටීෂර්ට් එකක් ඇන්ද හේලී වයිට් කලර් sneakers දාගෙන කොන්ඩෙට පෝනිටේල් එකක් දාගත්තා....
වැස්සක් අත ලගම බව හේලිට ගානක් නොවුනේ හේලි හිටියේ සතුටින් නිසා....

පඩි පෙළ දිගේ පැන පැන පහලට ආපු හේලී ඉක්මන් අඩි තියලා උස් දොර පියන් අතරින් එලියට දුවගෙන ආවේ මොහොතකට ජන්කුක් තමන්ව දාලා ගිහින් කියලා හිත ට සැකයක් දැනෙද්දි... අප්පා නැති වුනාට පස්සේ හේලි කෙනෙක් එක්ක ගෙදරින් එලියට බැහැලා යන පලවෙනි වතාව මේක... හැමදාම කුඩම්මට හොරෙන් ගහ දිගේ බඩගාලා ගෙයින් එලියට බැහැලා යනවට වඩා නිදහස් හැගීමෙන් ගෙදරින් එලියට බැහැලා යද්දී හේලිගේ හිත අමුතු සතුටකින් පිනුම් ගැහුවා....

ඒ සතුට වැඩි වුනේ ගරාජ් එක පැත්තේ ඉදලා වේගෙන් ආපු ජන්කුක් ගේ නවීන පන්නයේ බයික් එක වූන ඩුකාටි V4S එක හේලිගේ කකුල් දෙක ලග ඇවිත් නැවතෙන කොට....

බ්ලැක් කලර් ලෙදර් ජැකට් එකක් එක්ක බ්ලැක් කලර් ම රිප් ඩෙනිම් එකක් ඇදලා ෆුල් faced helmet එකක් දාලා හිටපු ජන්කුක් pierced eyebrow එක උස්සලා හිනා වෙද්දි හේලි ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා....කකුල් දෙක බිම තියලා හේලිව ඇදලා ලගට අරගත්ත ජන්කුක් අතේ තිබුනු හෙල්මට් එක හේලිගේ ඔලුවට දාලා ඔලුවෙන් හේලිට නගින්න කියන කොට හේලි තවත් ටිකක් ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා...

"හේයි නගින්න!! නැත්තන් ජෝන් ට තමා උස්සලා තියන්න කියන්න වෙන්නේ!!"

ඈත ඉදලා දුවගෙන එන ජෝන් ව පෙන්නලා ජන්කුක් කියන කොට ජෝන් දිහා බලලා අඩියක් ජන්කුක් ලගට ලංවුන හේලී...

"ක් කො කොහොමද??..."

"ආයිෂ්!! මට අමතක වුනා...ආහ් මේ කකුල මෙතන්ට තියලා....අන්න රයිට්... ම්ම් ගුඩ්..."

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now