09 🖤ජන්කුක් ගෙන් උදව්වක් 🖤

1.4K 325 61
                                    

වෙලාව රෑ දහය පහු වෙලා මිනිත්තු කිහිපයක් ගෙවිලා ගිහින් තිබුනා...බ්ලැක් කලර් ස්ලිම් ෆිට් ෂර්ට් එකට බ්ලැක් කලර්ම trouser එකක් ඇදලා හිටපු ජන්කුක් සුපුරුදු ඩෝන්ට් කෙයා බැල්මෙන්  ක්ලබ් එකට ඇතුල් වුනා....

නලල පේන්න පිටිපස්සට හදලා  තිබුන තද කලු පාට තෙත පාට කූරූ කොන්ඩේ, බට්න්ස් කීපයක්  ඕපන් වෙලා පේන පලල් පපුව,,,, ඕනවට එපාවට වැලමිට ලගට එනකම් උඩට නවල තිබුන ෂර්ට් එකෙන් පේන ස්ලීව් ටැටූ එක,,, ජන්කුක් ට අරගෙන ඇවිත් තිබුනේ සීතල කඩවසම් පෙනුමක්!!!!!

ආරක්ෂකයො දෙන්නෙක් එක්ක ක්ලබ් එකට ඇතුල් වුන ජන්කුක් බා කවුන්ටර් එක ලගට යද්දී,  ඇතුලේ හිටපු ගොඩක් අයගේ ඇස් ජන්කුක් ලග නැවතුනා.... කිසිම කෙනෙක් දිහා උවමනාවෙන් නොබලපු ජන්කුක් ගාඩ් confirm කරලා දුන්න ග්ලාස් එක අතට අරගෙන වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා.....

කන් බිහිරි වෙන තරම් සද්දෙට ඇහෙන DJ music එකත් එක්ක දැල්වෙන රතු දම් පාට ලයිට්ස් ක්ලබ් එක ඇතුලේ වෙනස් ම ලෝකයක් මවලා තිබුනා.... ග්ලාස් එක තොල් අතර රදවගෙනම ජන්කුක් ඇස් කරකවලා වට පිට බැලුවේ තමන් හොයාගෙන ආපු කෙනා ක්ලබ් එකේ ඉන්නවද කියලා.....

කොරියාව පුරා විසිරිලා තිබුන ඉහල පෙලේ රාත්‍රී සමාජශාලා බොහොමයකම තනි අයිතිය මාෆියා ගෝඩ් බනී සතුව තිබුනා.... හිමිකරු නාම මාත්‍රික වෙද්දි,  හැම දවස් දෙකකට සැරයක්ම පාන්දර ජාමේ එන තනි කලු පාට ඩිෆෙන්ඩර් එකට ක්ලබ් එකේන් ලැබෙන සම්පූර්ණ ලාබේ බාරදෙන්න මැනේජර් බැදිලා හිටියා....සතයක වත් වංචාවක් සිද්ධ වුනොත් පහුවදාට තමන්ගේ නමත් සියදිවි නසාගත්ත මිනිස්සුන්ගේ නාම ලේඛනයට ඉබේම ඇතුල් වෙන බව හැම කෙනෙක්ම වගේ අත්දැකීමෙන් දැනගෙන හිටියා.... ඒ නිසාම බනී බොස්ට බොරුවක් වංචාවක් කරන්න ජීවිතේට ආදරේ මිනිහෙක් හීනෙකින්වත් හිතුවේ නෑ!!!!  

  ඒ තත්වේ එහෙම වෙන කොට ලෝකයා දන්න ජියොන් සමූහ ව්‍යාපාරයේ කඩවසම් CEO ක්ලබ් එකකට ගියේ ඉදලා හිටලා කියන කාරනාව   හැමෝම දන්න දෙයක්.... අදත්  ඒ විදියට ඉදලා හිටලා එලබුන දවසක් කියලා ක්ලබ් එකේ හිටපු පිරිමි පාර්ශවය විශ්වාස කලා...එතකොට ගැහැණු පාර්ශවය!!! කලාතුරකින් ලැබෙන වාසනාවන්ත දවසක්!!!!! ඔව් ඒක එහෙම තමයි!!! පිරිමි පාට උතුරන ඒ කඩවසම් පෙනුමට වහ වැටුන හැම කෙල්ලෙක්ටම අද වාසනාවන්ත දවසක්....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now