𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Prologue

1.1K 67 13
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

༒ Prologue ༒

____________🤎____________

The Story of,

Beautiful Human Boy

Zheng Xing Lee

And

Blue-Moon's wolf pack BETA

Ivan Elen Alexandrovich

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

- Characters -

- Ivan Elen Alexandrovich 28 years Old Beta of Blue-moon Wolfpack

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Ivan Elen Alexandrovich
28 years Old
Beta of Blue-moon Wolfpack

- Zackfron (Zack)සැzක්ෆ්‍රොන්/සැzක් කියන්නේ අයිවන්ගේ වුල්ෆ්දුඹුරු පාට ඇස් තියෙන සම්පූර්ණයෙන් දුඹුරු පාට  ලොකු වුල්ෆ් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Zackfron (Zack)
සැzක්ෆ්‍රොන්/සැzක් කියන්නේ අයිවන්ගේ වුල්ෆ්
දුඹුරු පාට ඇස් තියෙන සම්පූර්ණයෙන් දුඹුරු පාට ලොකු වුල්ෆ් කෙනෙක්.

- Zhen Xing Lee 21 yearsHuman Ivan's Mate

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Zhen Xing Lee
21 years
Human
Ivan's Mate

           ____________🤎____________

SIX YEARS AGO
[වර්තමානයේ සිට අවුරුදු හයකට පෙර]

CALIFORNIA CITY
CALIFORNIA, USA

කැලිෆෝනියා හයි ස්කුල්, කැලිෆෝනියාවේ තියන ⁣හොදම කොලේජ් එක. අවුරුදු දහතුනක් වෙනකන් ලබන සාමාන්‍ය අධ්‍යාපනයෙන් පස්සේ ඉහල අධ්‍යාපනයට ඇතුල් වෙන කැලිෆෝනියාවේ තියන තවත් එක ප්‍රසිද්ධ කොලේජ් එකක්. අවුරුදු දාහතරේ ඉදලා අවුරුදු දහ අටක් වෙනකන් වයස ළමයි තමයි මේ කොලේජ් එකේ ඉගෙන ගන්නේ.

අවුරුදු දා හතරක් වයස චයිනීස් මික්ස් ඇමරිකන් කොලු පැටියෙක් කොලේජ් එකේ විශාල ගේට්ටුවේ පැද්දෙන ගමන් බලන් හිටියේ ඈතින් පේන තනි කොළ පාට විශාල සොකර් (Soccer) ග්‍රවුන්ඩ් එක දිහා.

ශෙන්ග් ෂින්ග් ලී
Zheng Xing Lee

ගේට්ටුවේ එල්ලිලා පැද්දෙන ගමන් බලන් ඉන්නේ එයාගේ ආදරේ එනකන්. ශෙන්ග්ට වැඩිය අවුරුදු හතරක් වැඩිමල් කොලේජ් සොකර් ටීම් එකේ කැප්ටන්. ලූක් [Luke Wilder] තමයි ශෙන්ග්ගේ පළවෙනි ආදරය. කොල්ලා තමන් GaY කියලා දැනගන්නේත් ලූක් හින්දා.

ගෙදර යන්න උවමනාවක් තිබ්බත්⁣ ශෙන්ග් ගෙදර යන්න කැමතිවුනේ නැත්තේ කොල්ලගේ ගෙදර තත්වේ එච්චර හොද නැති නිසා. අත කොනක තියන පිලිස්සුම් ලකුණ ලාවට අතගාන ගමන් ශෙන්ග් ආපහු බැලුවේ ග්‍රවුන්ඩ් එකපැත්ත.

ලූක් එන්න තවත් පරක්කු වෙයි කියලා තේරුණ නිසා ශෙන්ග් එයාගේ ආට් පොතත් අරන් ලොකු ඕක් ගහක් යට තියන බංකුවකින් වාඩිවුනේ කලින් බාගෙට ඇදලා තිබ්බ ආට් එක සම්පූර්ණ කරන්න.

පිටුවෙන් පිටුව පෙරලන ශෙන්ගේ චිත්‍ර පොතේ වැඩි හරියක් ඇදලා තිබ්බේ වුල්ෆ්ස්ලා. ඒකත් එකම විදිහේ වුල්ෆ් කෙනෙක්ව එක එක ඉරියව් වලින්. ⁣දුඹුරු පාට එක්ක කළු මික්ස් වුන දුඹුරු පාට ඇස් දෙකක් තියන වුල්ෆ් කෙනෙක්.

හරියාකාර මතකයක් නැති පොඩි කාලේ ශෙන්ග් එයාගේ ඩැඩී එක්ක කඳුකර පැත්තක ලොකු කැලෑවක් බලන්න ගියාම මේ වගේ වුල්ෆ්ස්ලා රංචුවක් දැකලා තමයි ශෙන්ග් වුල්ෆ්ස්ලාට ආස වුනේ. කොල්ලාගේ ආසම සතා වුනේත් වුල්ෆ්ලා.

බාගෙට ඇදලා තියන බ්‍රවුන් වුල්ෆ්ගේ චිත්‍රේ දිහා බලාගෙන අතීත මතක අස්සේ ගිලිලා ඉන්න කොල්ලා ගැස්සුනේ කන ලගින්ම උගුර පාදන හඬකට.

"..ලූක්!!.."

ශෙන්ග් දඩිබිඩියේ නැගිට්ටේ උකුල උඩ තිබ්බ පාට පැන්සල් පෙට්ටියත් වට්ටගෙන.

"..හායි ශේ!.."

ලූක් හිනාවුනේ ශෙන්ග් ඒ හිනාවට වශී වෙලා ඇස් පිල්ලන් නොගහා ඒ දිහා බලන් ඉද්දි. ඒත් ඒ හිනාව යට තිබ්බ යටි අරමුණ තේරුම් ගන්න තරම්වත් බැරි විදිහට ශෙන්ග් ලූක්ට ඇබ්බැහි වෙලා හිටියේ.

____________🤎____________

* අද රෑට පළවෙනි කොටස ! ♥️


❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

❣️❣️

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now