𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 23

112 22 5
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 23]

     ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

ශෙන්ග් හිටියේ ගෙදර සාලේම බිම පෙරලීගෙන. එයාගේ වටේටම තිබ්බේ පොත්. තව මන්ඩි විතරත් ඉතුරු වෙලා තියන කෝපි කෝප්ප දෙකකුයි. ශෙන්ග් හිටියේ මූන්ලයිට් සිටි කොලේජ් එකට සිලෙක්ට් වෙන්න තියන එක්සෑම් එකට පාඩම් කරන ගමන්. පෝල් තකහනියක් මහන්සි වෙලා අළුත්ම ස්ටඩි ටේබල් එකකුයි පුටුවකුයි හදවලා ගෙනත් දුන්නත් ශෙන්ග් කොයිවෙලේත් පාඩම් කරන්න ගන්නේ ගෙයි මැදම බිම පෙරලිලා. නැත්නම් මමී එක්ක කිචන් එකේ.

ඉස්සර ශෙන්ග් පාඩම් කරන්නේ මේසේ විතරයි. අඩුම ශෙන්ග් පොතක් අරන් ඩැඩීටයි, සොෆියාටයි පේන්න එළියටවත් එන්නේ නෑ. ඒක හින්දම දැන් එයා නිදහසේ පාඩම් කරනවා. හිටපු ගමන් බැටළුවෝ බලන්න තියෙන ගේ පිටිපස්සේ ගහක් යට එහෙම පොතක් එක්ක ශෙන්ග්ව හොයාගන්න පුලුවන්.

ග්‍රෙගරි ආපහු කැම්පස් යන්න කලින් පෝල් ග්‍රෙගරිගෙන් ශෙන්ග්ට ඕන වෙයි කියලා ග්‍රෙගරි කොලේජ් යන කාලේ පාවිච්චි කරපු පොත් ඉල්ලගෙන තිබ්බා. ඒ වගේම පෝල් ග්‍රෙගරිව කලින් දවසක බුක්ශොප් එකට ගෙන්නලා ශෙන්ග්ට එක්සෑම් එකට එන්න පුලුවන් දේවල් ගැනත් දැනගන්න චාන්ස් එකක් හදලා දුන්නා.

හැබැයි එක තත්පරේකටවත් ශෙන්ග් පෝල්⁣ට එයා ලගින් හෙලවෙන්නවත් දුන්නේ නෑ. පෝල් නෝට් කරපු දෙයක් තමයි ශෙන්ග් වැඩිය කවුරුත් එයාලගේ ගෙදරට එනවට කැමති නෑ කියලා. ඇත්තටම ආව ගිය කට්ටිය බොහොම සුළු ප්‍රමාණයක් වුනත් පෝලුයි රීටායි ශෙන්ග් වෙනුවෙන් ඒ ටික දෙනාවත් හිමින් හිමින් ඈත් කරා. ඈත් කරා කියන්නේ සම්බන්ධතා නැවැත්තුවා කියනෙක නෙමෙයි ඒත් ගෙදරට ගෙන්නවා වගේ දේවල් එහෙම හුඟක් අඩුකරා. එයාලගේ ෆස්ට් ප්‍රයොරිටි එක වුනේ ශෙන්ගේ සතුටයි සැනසීමයි. මොකද එයාලා දෙන්නම දන්නවා ශෙන්ග් තාමත් හීනෙන් බයවෙනවා කියලා. තාමත් එයාට පැනික් ඇටෑක්ස් එනවා කියලා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now