𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 58

107 25 11
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

කට්ටියගෙම මූණවල් දිහා බලපු එවන් ආපහු පාරක් හොද හුස්මක් අරගෙන කතා කරන්න ගත්තා.

"..මම කිව්වනේ මම එයා ගැන හොයන්න යන්නේ නෑ කියලා.. එයාට සාමාන්‍ය විදිහට ලංවෙනවා කියලා.."

කට්ටියම සද්දයක් නැතුව ඔළුව හෙල්ලුවේ ඔව් කියන්න.

ඒ ගමන්ම බිම දිගාවෙලා හිටිය ජොනතන් සිංගල් චෙයාර් එකේ හිටිය රෙමිරෝගේ කකුල් දෙකට හේත්තු වුනා.

අයිවනුයි ක්‍රිස්ටියනුයි දෙපැත්තේ ඉද්දි ලොකු සොෆා එකේ ඒ දෙන්නගේ මැද්දේ තමයි එවන් ඉඳගෙන හිටියේ.

"..ෆස්ට් ඩේ එකේ අයිවන් මාව බස්සලා ගියාට පස්සේ මං කැම්පස් එක ඇතුලට ගිහින් ටික වෙලාවකින් මට එයාගේ මේට් ස්මෙල් එක ආවා.. මම ඉතින් ඉව පාර දිගේ එයාව හොයාගෙන ගියා.. එතකොට තමයි මම එයාව දැක්කේ ලොකර්ස් අපේ තියන තැන.. මට වැඩිය ජූනියර් එ⁣යා.. එයත් එක්ක තව අළුත් බෝයිස්ලා දෙන්නෙකුයි ගර්ල් කෙනෙකුයි හිටියා.. මං හිතන්නේ එයාල⁣ා කලින් ඉඳලම යාළුවෝ.. මම මේ පැත්තේ අපේ ලොකර්ස් තියන තැන ඉදලා එයා දිහා බලාගෙන හිටියේ.. පස්සේ එයා එතනින් පොතුත් අරන් එහෙම්ම ගියා.."

එවන් එකදිගට කියාගෙන ගියේ හුස්ම ගන්නෙත් නැතුව.

"..ඊටපස්සේ ආයේ මම එයාව දැක්කේ ලන්ච් බ්‍රේක් එකේදි.. යාළු⁣වොත් එක්ක ලන්ච් ගන්නවා.. මාත් එයාව පේන මානෙන් හිටියේ.. කොහොම හරි එයා මාව දැක්කා.. දැක්කා කියන්නේ නිකන් දැක්කා.. පස්සේ මාත් එක්ක ලාවට හිනාවුණා.. මං මේ ටික කිව්වනේ කලින්.."

මේ සතිය ඇතුලත වෙච්ච දේවල් එවන් කියලා තිබ්බේ කලින්. එහෙන් මෙහෙන් මිස් වෙච්ච ඒවත් එක්ක තමයි මේ ආපහු කතාව කියන්නේ.

"..එයා මගේ මේට් හින්දා මම ඉග්නෝර් කරලා හිටියත් මට එක දවසක් මාට්ටු වුනා එයා ළමයෙක්ව බුලි කරද්දි.."

එවන් මේක මීට කලින් කාටවත් කියලා තිබ්බේ නෑ.

"..ඔයා කියන්නේ මේ කැම්පස් එකට ඇවිත් සතියක්වත් යන්න කලින්..?"

ක්‍රිස්ටියන් ගෙරෙව්වේ කේන්තියෙන්.

"..මං දන්නවා.. මං දන්නවා.. මං එයාට ඒ වෙලාවේ වෝර්නින්ග් එකක් දුන්නා.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now