𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 24

124 23 1
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 24]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..ලියාම්!!.."

ක්‍රිස්ටියන්ගේ කටහඬ මුළු මැන්ෂන් එක දෙදරන්න ඇහුණා.

"..මේ එනෝ!!!!!!.."

ලියාම් එයාගේ කොලේජ් අරන් යන බෑග් එකත් උස්සන් පඩිපෙළ බැස්සේ ක්‍රිස් ඉනට අත් දෙක ගහගෙන පඩිපෙළ පහල බලන් ඉද්දි.

"..ඔයා එක්ක නම් බෑ චිස්.. අයියෝ මේ අයිවන්ලා එන්නේ කවදාදෝ.........."

ලියාම් ක්‍රිස්ටියන්ටත් රවන ගමන් ගියේ බ්‍රෙක්ෆස්ට් ටේබල් එක ලගට. ⁣වෙනදට අයිවන් තමයි ලියාම්ව කොලේජ් යවන්නයි, එවන්ව කැම්පස් යවන යුද්දේ කරන්නේ. එහෙම කරදර ⁣කරේ නැතත් හිටපු ගමන් ලියාම් හැටපැයක් ගන්නවා රෙඩි වෙන්න.

"..එවන් ලියාම්ව කොලේජ් එකට දාගෙන කැම්පස් එකට යන්න.."

ක්‍රිස්ටියන් කියද්දි ඒ වෙනකොට කටේ පාන් පුරවන් හිටිය එවන් හා කියන්න ඔළුව හෙල්ලුවා.

"..දැන් එතකොට රෙමීලා එන්නේ තවත් සති දෙකකින්ද..?"

පැක් රන් එකක් ගිහින් ඇවිත් ජොනතනුත් ඇවිත් වාඩිවුනේ බ්‍රෙක්ෆස්ට් ටේබල් එකේ.

"..එව්ව් ජෝ.. වොශ් එකක් දාගෙන එන්නකෝ.."

ලියාම් නහය අකුලන ගමන් කියවනවා. ජොනතන් හිටියේ ටී-ශර්ට් එකක්වත් නැතුව. මැන්ෂන් එක ලගට වෙනකන් එයාගේ වුල්ෆ් ෆෝම් එකෙන් ඇවිත් එතනදි තමයි ජොනතන් හියුමන් ෆෝම් එකට මාරු වෙලා තිබ්බේ.

"..ඊට්!.."

ජොනතන් බිත්තර පලුවක් අරන් එබුවේ ලියාම්ගේ කටේ.

"..යස් තව සතියක් දික් කරලා ෆැෂන් වීක් එක.. මේ ෆස්ට් ටයිම් ඔහොම වුනේ.. එනකොට ස්ප්‍රින්ග්-රිවර් පැක් එකටත් ගිහින් එන්නේ.."

ක්‍රිස්ටියන් කියද්දි ඉතුරු තුන් දෙනාම බැලුවේ ක්‍රිස් දිහා. ස්ප්‍රින්ග්-රිවර් කියන්නේ ෆ්‍රාන්ස්වල තියන හරිම ලස්සන සාමකාමි වුල්ෆ් පැක් එකක්. ඒ වගේම බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකත් එක්ක ස්ප්‍රින්ග්-රිවර් වුල්ෆ් පැක් එක බිස්නස් එහෙම කරා. ෆැෂන් ඩිසයින් සයිඩ් එකේ එක්ස්පර්ට්ස්ලා වුන 'ක්‍රෙශ්නියර් ඩිසයින්ස් කම්පැනීස්' වල මේන් බ්‍රාන්ච් එකක් ස්ප්‍රින්ග්-රිවර් වුල්ෆ් පැක් එක තියන රිවර්-මූන් සිටි එකේ ඕපන් කරලා තිබ්බා. ඉතින් හැම අවුරුද්දකම වගේ ෆ්‍රාන්ස් වල ෆැෂන් වීක් එකට ගිහාම ඒ යන අය අනිවාර්යයෙන් ස්ප්‍රින්ග්-රිවර් වුල්ෆ් පැක් එකටත් ගිහින්ම තමයි එන්නේ. ක්‍රිස්ටියනුයි, ලියාමුයි තමයි තාම ⁣එහෙට ගිහින් නැත්තේ. ලියාම් යන්න ඕන කිය කිය නහයෙන් ඇඬුවත් එයාව ඇස් මානෙන් එහාට යවන්න ක්‍රිස්ටියන් කැමති නෑ. ඒ වගේම ඔමේගා වුල්ෆ් කෙනෙක් වෙච්ච ලියාම්ට එයාගේ ඇල්ෆාගේ පිටින් යන්නත් බෑ. ඒක නිසා කවදාහරි මාකස්⁣ගේ ප්‍රශ්නේ ඉවර වෙලා ක්‍රිස්ටියන් එයාට මූන්ලයිට් සිටි එකෙන් එළියට යන්න අවසර දෙනකන් හරි, එයාගේ මේට් එනකන් හරි ලියාම්ට ඉන්න වෙනවා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now