𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 60

92 14 10
                                    


𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

"..එයා කොහොමද මෙහෙටම ආවේ..?"

ජොනතන් අහද්දි අයිවන් ඔළුව හෙල්ලුවේ එයාටත්
හිතාගන්න බෑ කියන්න.

"..මට බය තියෙන්නේ එයා ආව එක නෙමෙයි.."

ටිකක් වෙලා සද්ද නැතුව හිටිය අයිවන් කතා කරන්නේ ගත්තේ අනිත් අය එයා දිහා පුදුම වෙලා බලද්දි.

"..එහෙනම්..?"

"..එයා එක්ක ඉතුරු කට්ටියත් ඇවිත්ද කියලා.."

මුලින්ම එවන් කියපු දේවල්‍, පස්සේ එමිලි ඇවිල්ලා තියන එක‍, ඒ සේරම එක්ක අයිවන් බය වුණේ ශෙන්ගේ ජීවිතේ විනාශ කරලා දැම්ම ලූක් එක්ක අනිත් එවුන් ටිකත් මෙහෙට ඇවිල්ලද දන්නෑ කියලා.

"..ඉතුරු කට්ටිය කිව්වේ..?"

"..මාව නැති කරලා මගේ ජීවීතේම විනාස කරලා දාපු එවුන් ටික.."

කොල්ලෝ හතර දෙනාම හැරුණේ ඔෆිස් රූම් එකේ දොර පැත්තට.

'ඩෝර් එක ලොක් කරේ නැද්ද..?'

ක්‍රිස්ටියන් මයින්ඩ් ලින්ක් එකෙන් අහද්දි අයිවන් නැගිටලා ගි⁣හින් ශෙන්ග්ව තුරුල් කරන් අරන් ආවේ එයා කලින් ඉදගෙන හිටිය සොෆා එකට.

'මං හිතුවේ දෙන්නම නිදි කියලනේ.'

අයිවන් මයින්ඩ් ලින්ක් කරේ ශෙන්ග් දිහා බලලා. ශෙන්ගේ පිටිපස්සෙන්ම ඇවිත් හිටිය ලියාම් ක්‍රිස්ටියන්ගේ ඔඩොක්කුවට පැනලා ගුලි වුනා. එයා ඔමේගා වුල්ෆ් කෙනෙක්නේ. ඔමේගා වුල්ෆ්ස්ලා හරිම සෙන්සිටිව්නේ. ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැන එයත් බයවෙලා හිටියේ. ක්‍රිස්ටියන්ලා කලබල වෙනවා කියන්නේ එතන මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙලා තියනවා‍, නැත්නම් ඉස්සරහට සිද්ධ වෙන්න තියනවා කියලා ලියාම් දන්නවා.

"..ශේ.."

අයිවන් ශෙන්ග්ට මිමිණුවේ එයා අයිවන්ගේ පපුවට ගුලි වෙලා ඉන්න ගමන් අනිත් අයවත් පේන්න හැ⁣රෙද්දි.

"..ඔයා ඇයි මේ මෙතන්ට ආවේ..?"

අයිවන් හිමින් අහද්දි ශෙන්ග් එයාගේ අතින් අයිවන් ඇඳගෙන හිටිය ටී-ශර්ට් එක පොඩි කරගත්තා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now