𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 20

127 21 6
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 20]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

[ Blue-moon Wolf Pack ]

ලියාම් මූන්ලයිට් සිටි එකට යනවා කියලා ගියාට පස්සේ අයිවන්ට ඇහුණේ ගරාජ් එකේ රෝලර් ගේට් එක ඇරෙන සද්දේ. ඊටපස්සේ කාර් එකක් ස්ටාර්ට් වෙනවා. කාර් එකේ සද්දේ ඇහෙන්නේ නැති වෙලා යනවත් එක්කම අයිවන් ආපහු ඔළුව අල්ලගත්තේ උදේ ඉදලාම දැනෙන ඔළුවේ කැක්කුම දැන් ටික ටික වැඩිවෙන හින්දා.

පපුව ගැහෙන වේගේත් එන්න එන්න වැඩිවෙද්දි අයිවන් දාගෙන හිටිය කණ්ණාඩිය ගලවලා දාලා එක අතකින් මූණ දිගේ වැක්කෙරෙන දාඩිය පිහිදුවේ සිහියෙන් ඉන්න උත්සාහ කරන ගමන්.

චෙක් කර කර හිටිය අන්තිම ෆයිල්ස් ටික අයිවන්ගේ අතින් ලිස්සලා යද්දි අයිවන් සොෆා එකෙන් රූටලා ගිහින් බිම ඉන්දවුනේ වුනේ ඔළුව සොෆා එකට හේත්තු කරගෙන.
එන්න එන්න රත් වෙන ඇඟයි පපුවේ ගැස්මයි එකක අයිවන් හිටියේ හුස්ම ගන්න අමාරුවෙන් වගේ. සැzක් ඔළුව ඇතුලේ කැරකෙන්නේ එයාට කන්ට්‍රෝල් එක දෙන්න කියලා.

එකපාරටම ආව ඔළුවේ කැක්කුම තිබ්බටත් වැඩිය වැඩි වෙද්දි අයිවන්ට යටිබඩ හරියෙන් දැ⁣ණුනේ අමුතු ෆීලින්ග් එකක්.
ඒ අස්සෙන් ⁣මැන්ෂන් එකේ මහ දොර මහ හයියෙන් ඇරිලා වැහෙනවත් අයිවන්ට ඇහුණා.

"..ක්‍රිස්ටියන්!!!!!!!!!.."

කාමරේට එළියෙන් ඇහුණ මමා කැටීගේ සද්දෙට අයිවන්ට හිතුණේ මැන්ෂන් එකම දෙදරන්න ඇති කියලා.

ක්‍රිස්ටියන් විතරක් නෙමෙයි මැන්ෂන් එකේ හිටිය ඉතුරු කට්ටියත් ආවේ සාලේට. අයිවනුත් එතන්ට ආවේ අමාරුවෙන්. තාම දාඩිය දානවයි, ඔළුව කැක්කුමයි අඩුවක් නෑ.

"..කවුරුහරි ඇවිත් තියනවා.."

මමා කැටී කිව්වේ කට්ටිය දිහාම බලලා. එතන හිටිය අය හැමෝම මුණට මූණ බලාගත්තේ ඒ මොකක්ද ඒ මමා කැටී කිව්වේ කියලා හිතන ගමන්.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Onde histórias criam vida. Descubra agora